IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


‘පොලිස්පති ඉවත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගේනවා’

(නිමල කොඩිතුවක්කු)
 
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහා මහතා පැවැසීය.

ආණ්ඩු පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ එකඟතාවය මත මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය විසින් පොලිස්පතිවරයා ආරක්ෂා කරන බවට පැතිර යන තොරතුරු අසත්‍යයක් බවද ප‍්‍රකාශ කළ නලීන් බන්ඩාර මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ගත හැකි  ඕනෑම තීරණයක් ගැනීමට තම පක්ෂය පසුබට නොවන බවද සඳහන් කළේය.

ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා ඉල්ලීමක් කළේය. 

පසුගිය 25 වැනි දා ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර  පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
 



අදහස් (5)

‘පොලිස්පති ඉවත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගේනවා’

Anuradha Sunday, 28 April 2019 09:16 AM

ඕගොල්ලන් ඉවත් කිරීමේ යෝජනාවත් ඉක්මනටම ගේනව.

:       94       137

chamath Sunday, 28 April 2019 09:21 AM

මෙතුමා ගැන අපි දන්නවා. මෙතුමා අාසනයටවත් දෙයක් කලේ නැති කෙනෙක්... බොරු කියකියා ඇවිදිනවා.

:       223       488

prabha Sunday, 28 April 2019 09:24 AM

මොකද පොලිස්පති විතරක්... එයත් කරේ තියාගෙන 225 දෙනාත් ගෙදර ගියොත් නරකද?

:       12       188

AbeSunday, 28 April 2019 10:21 AM

ප්‍රභා ඔයා හරියට හරි...... මොකද පොලිස්පති විතරක් අස් කරන්නේ...... පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අස් වෙන්න.... පොලිස්පති විතරද වැරදි......????

:       0       35

wimal Sunday, 28 April 2019 11:38 AM

කිරි අප්පට බල්ලෝ පැනපි... මේ මහත්මයා කොහෙද හිටියේ? හම්බන්තොට තෙල් ටැංකියක් එහෙම මුර කළාද? තාත්තා කිව්වද යෝජනාව ගේන්න කියලා? බුදු සරණයි රටට !!

:       153       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 240 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 591 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site