IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පොලිස්පති -ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම අනිද්දා කැඳවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇති බවට චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සහ අනෙකුත් සියලු පෙත්සම් අනිද්දා (6) සළකා බැලීමට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ අද (4) නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පෙත්සම් 3ක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ නීතිපතිවරයාද මෙම සියලු පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලෙස ඉල්ලීමක් කර ඇත.

මෙම සියලූ පෙත්සම් ප‍්‍රසන්න ජයවර්ධන, එල්.ටී.බී දෙහිදෙණිය, ප‍්‍රීතී පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු පාර්ශව 5ක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සම්හි වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති, හිටපු ආරක්ෂක ලේකම් , නීතිපති ඇතුළු පිරිසක් නම් කර ඇත.

ඉකුත් අපේ‍්‍රල් 21 වැනිදා සිදුවූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බවත්, වගඋත්තරකරුවන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබුණේ නම් මෙවැනි විනාශයක් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් කියා සිටිති.

එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වගඋත්තරකරුවන් දණ්ඩ නීති සංග‍්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බවද පෙත්සම්හි සඳහන් වේ.

වගඋත්තරකරුවන්ගේ ක‍්‍රියාකලාපය තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මුලික අයිතීන් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

එසේම වගඋත්තරකරුවන්ගේ නොසැලිකිලිමත් ක‍්‍රියාකලාපය හේතුවෙන් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපති වෙත නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.



අදහස් (7)

පොලිස්පති -ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම අනිද්දා කැඳවයි

tommy Tuesday, 04 June 2019 12:41 PM

ඔය කියන දෙන්නා උසාවියට එයි කියලා අපි දැන් කට අරගෙන බලාගෙන ඉමු.

:       0       3

රවින් Tuesday, 04 June 2019 01:35 PM

මේ දෙන්නම අනිවාර්යයෙන් උසාවි යායුතුවේ. හිටන් හැමගේම ජීවිතත් එක්ක සෙල්ලම් කරපු හැටි හා කරන හැටි උසාවියේදීවත් කියන්න. රටට හා ලෝකයාට දැනගන්න පුළුවන් වෙයි ගලේ පහරපු බළලා වගේ හැමතැනම ගඳ ගස්සන හැටි...

:       0       109

iron Tuesday, 04 June 2019 04:37 PM

මේ දෙන්නම අහිංසකයෝ

:       0       1

kaanthini Tuesday, 04 June 2019 04:40 PM

මේ අහිංසක නිලධාරින් දෙන්නෙක්. මේවා අපරාධ

:       0       1

thilak Tuesday, 04 June 2019 04:42 PM

සත්‍ය ජයගනු නියතයි .

:       0       1

iron Tuesday, 04 June 2019 04:53 PM

බුදුසරණයි ...!!!

:       0       1

Kriss Tuesday, 04 June 2019 09:36 PM

එතකොට ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානියා? එයා යුතුකම් පැහැර හැරලා නැද්ද? දිය මිටි තැනින්නේ වතුර බහින්නෙ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 673 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 550 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site