(ඉන්දිකා රාමනායක)
කුරිරු ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ දීත් අවතැන් වූ ජනතාවට පවා හැකි උපරිමයෙන් මානුෂියව සැලකූ බවත් නිරෝධායනයට යොමුකළ පිරිසට ප්ලාස්ටික් බෝතල් කපා ආහාර පාන ලබා දෙන ක‍්‍රමවේදයක් හමුදාව තුළ නොමැති බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
නිරෝධානය සඳහා යොමු කර සිටි පුද්ගලයන්ට ප්ලාසිටික් බෝතලයක් කපා කිරි කෝපි ලබා දුන් බවට සමාජ ශාලා වෙඩ් අඩවියක පළ කර තිබු ඡායාරූපයක් සම්බන්ධයෙන් ලංකාදීපය යුද හමුදාපතිවරයාගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
ති‍්‍රවිධ හමුදාව එදා මානුෂීය මෙහෙයුමක් සිදු කර ත‍්‍රස්තවාදයෙන් රටේ ජනතාව ආරක්ෂා කර ගත් බවත් අද දවසේ කොරෝනා වෛරසය සමඟ සිදු කරනු ලබන නිරෝධායන කටයුතු සඳහා දායකත්වය ලබා දී සිදු කරන්නේ ද එවැනිම මානුෂිය මෙහෙයුමකට බව යුද හමුදාපතිවරයා කියා සිටියේය.
විදේශ රටවල සිටිය සිටිය නොහැකි තත්ත්වයක් මත ඉතා දීර්ඝ ගමනාන්තයකින් අනතුරුව ලංකාවට පැමිණෙන පිරිසට මුහුණ දීමට සිදුවන අපහසුතාවය හේතුවෙන් ඔවුන්ට යම් ආකාරයේ වෙනස් හැඟීමක් ඇති වෙන්නට ඇති බවත් ඔවුන් කෙසේ හැසිරුණත් යුද හමුදාව ඔවුන් රැක බලා ගැනීමට නොමඳව කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.
මේ දිනවල ලංකාවට පැමිණෙන ශ්රවමිකයින්ට වඩා මීට පෙර චීනයේ වුහාන්වල සිට පැමිණි සිසුන් වෙනස් ආකාරයෙන් හැසිරුණ බවත් චීනයේ සිට එම සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට සිදුකළ මහා දැවැන්ත කර්තවය පිළිබඳ එම පිරිසට යම් අවබෝධයක් තිබු බවද හමුදාපතිවරයා කියා සිටියේය.
මානුෂීය මෙහෙයුම කළ ආකාරයටම මෙම මෙහෙයුමේදීත් යුද හමුදාව ක්‍රියා කරන බව පැවසු හමුදාපතිවරයා සමාජයේ විවිධ පුද්ගලයින් මෙම කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වන සඳහන් කළේය.
යුද හමුදාව බොහෝ දෙනා තමන්ගේ ඇඳ ලබා දී බිම නිදා ගෙන ඇඳවල් 2000ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු කළ බවත්, එවන් කැපවීම් කළ හමුදාවට එවැනි දේ පැවසීම සුදුසු නැතැයි ද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
3% ගැන එතරම් තැකීමක් කළයුතු නැහැ.
මෙය කළ පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක කරන්න.
ඔය අභූත චෝදනා කරන්නේ බොහෝ විට සීයට තුනේ කල්ලිය. මේ හදිසි අවස්ථාවේ ඔබතුමාලා කරන සේවය පිළිබඳ රටේ ඉතාමත් වැඩි දෙනෙක් ඉන්නේ බොහොම පැහැදීමකින්. එම නිසා සීයට තුන පිළිබඳ එතරම් සැලකිල්ලක් දැක්විය යුතු නැහැ.
බොහෝමයක් පිටරට ජීවත්වෙන කලු සුද්දන් අපේ රට අපායක් වගේ දකින්නේ. ඒ අය හිතන්නේ නෑ මේ අප ඉපදුනු රට කියලා. අපේ රටේ තියෙන නිදහස, සම්පත්, දේශගුණය, ලෝකේ කිසිම රටකින් හොයාගන්න බෑ. මේ යක්කුන්ට කොච්චර කරත් හොඳක් අහගන්න බෑ. හරියට මේ ඔක්කොමලා රජ සැප විඳිනවා වගේ පිටරට.
මේ ලංකාවට ඇවිත් ඉන්නේ ශිෂ්ට සම්පන්න මිනිස්සුද ? එහෙම නැත්නම් පිස්සෝ රැළක්ද ?මේ කරන ලජ්ජා සහගත වැඩ වලට දඩුවම් දිය යුතුමයි. මොවුන්ට කොරෝනා හැදුනානම් මේ අයගේ ඔලු ඉදිමිච්ච ගතිය බහින්න මේ අය මේ තරම් නටන්නේ මේ අයගේ රට සල්ලි වල අගේද පෙන්වන්නේ. රටේ දුප්පත් ජනතාවගේ ආරක්ෂාව ගැන සිතා ආපසු ආපු රටටම පැටෙව්වනම් හොදයි. අපි රටත් ජනතාවත් ගැන සිතා ලංකාවට එන්නේ නැතුවයි ඉන්නේ. රට ගැන හැගීමක් නැති මිනිස්සු.
මෙහේ යුරෝපයේ ඇවිත් කුලී වැඩ කරන අය ලංකාවට ගියපුවම හිතන්නේ අපි සුද්දෝ කියලා. අපේ කම අමතක වෙලා ලොකු මානසිකත්වයකින් ඉන්නේ. මෙහෙ සුද්දෝ සත පහකට ගණන් ගන්නේ නැත. බොරු කෝලම්කාරයෝ. මෙහෙ යුරෝපේ අයට මෙහෙම අවස්ථාවකට මූණ දෙන විදිය තේරෙන්නෙත් නැත. ලංකාවේ දොස්තරලට හමුදාවට මල් තියල වදින්න ඕනේ.
හා හා. මේ කියන ජාතියේ උදවිය ගැන පහුගිය දවස්වල ගොසිප් වෙබ් අඩවිවල තිබුනා. එහෙන් මෙහෙන් පැන පැන අවුරුදු ගණන් පදික වේදිකාවල නිදියගෙන හිටිය අයත් ඉන්නවායයි කියලා තිබුනේ. කොරෝනා නිසා හැමෝම පරික්ෂා කරනවා වෙන්නැති. හොඳම අවස්ථාව තමා පනින්න. මොකද වැඩිපුර හොයන්නේ බලන්නේ නැතිව ඇති. පිටරටවලට ගිහින් තම රටේ හා තමන්ගේ නම්බුව රැකගෙන හිටිය උදවියට නම් එතරම්ම මෙවැනි අවස්ථාවලට මුහුණදෙන්න අමාරු නැහැ. තමන්ගේ රටේ පණ ගියත් කමක් නැහැ කියලා තමා එන්නේ. ඔය ගෝරි දාන උදවියව ඉක්මනින්ම අංගොඩට යවන්න. මුල්ලේරියාව රෝහල හොඳ වැඩියි.
මෙය තමා උගත් සහ නූගත් අය අතර ඇති වෙනස.
මුලින්ම මේ අයට රටවිරුවෝ කියල හදුන්වන එක නතර කරමු. මොකද මේ අය රට යන්නේ ? රට වෙනුවෙන් විදෙස් විනිමය සොයන්න නෙමේ. ගෙවල් වල තියෙන නැති බැරි කම් පිරිමහ ගන්න. නමුත් රට ගිහිල්ලා මුදල් ටිකක් අතට එනකොට මුල අමතක වෙනවා. දැන් මේ අය සද්දේ දාන්නේ රට වෙනුවෙන් වෙන්ම විදෙස් ගත වුනා වගේ.
රට තුල දැඩි විනයක් ඇති කර එකම නීතියක් යටතේ රටට පැමිණෙන සියලු දෙනාට එක ලෙස දින 14 ක් මෙම නිරෝධන ක්‍රියාවලිය සිදුකළ යුතුය. එයට අවනත වීමට බැරිනම් දැනට ඉන්න රටක ඉන්න. මේ රටට එන්න එපා. දැනට වාර්තා වී ඇති සියලු ආසාදිතයන් රටවල සිට පැමිණි අය හෝ එවැනි පිරිස් සමග සිටි පුද්ගලයන්ය. පළමුව මේ රටේ අහිංසක දුප්පත් මිනිසුන් ගැන සිතන්න. දෙවනුව තම පවුල ගැන සිතන්න. තෙවනුව තමා ගැන සිතන්න.
අර වුහාන් වල හිටිය සිසුන් පිරිසක් ගෙන්වා ගත් වෙලාවේ ඒ කණ්ඩායම පිළිගෙන නිරෝධායනය සඳහා ගෙනගිය අන්දමත් දැන් ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණි පිරිසට සලකපු අන්දමත් අතර විශාල පරතරයක් ඇතිබව කිවයුතුමයි. එදා ඒ පිරිස පිළිගත්තේ වීරයින් ලෙසටයි. එම කණ්ඩායම ගෙන ඒමට වුහාන් වලට ගුවන්යානය ගෙනගිය ගුවන් නියමුවන් සහ අනෙකුත් සේවකයින් ජනාධිපති මැදුරේදී විශේෂ ඇගයීමකටද ලක්වුවා කියලා මතකයි. ඉතාලියේ සහ කොරියාවේ සිට පැමිණ පිරිස් ඒ රටවල ජීවත් උනේ එකම තැනක නෙවේ. එමනිසා ඒ අතරේ කොරෝනා වයිරසය වැළඳුන කවුරුන් හරි ඉන්නට බැරි නැත. ඉතින් එවැනි කණ්ඩායමක් එකම කාමරයක ගාල්කර තැබීම කොතරම් නුවණට හුරුද කියන ප්‍රශ්නය මේ කටයුතු සංවිධානය කළ එම ක්‍රියාවලිය යුක්ති සහගත බව කියා පෑමට මාධ්‍ය වල තර්ක කරන වියත් මහතුන්ගෙන් විමසිය යුතුය. අදත් චීනයේ සිට පැමිණෙන සංචාරකයින් වේවා අපේ රටේ රැකියා කරන චීන ජාතිකයින් වේවා ගුවන් තොටුපළෙන් කිසිදු පරික්ෂාවකට ලක් නොකර පිටමන් කිරීම හරිද ?
කෑම බීම මේ පහසුකම් සමග දින 14 ක් ඉන්න බැරි කෙනා කවුද ?යුරෝපයේ කෑමක්. බීමක් හරියාකාර නැතුව එක කාමරේ 10,12 ගුලි ගැහිලා හිටපු හැටි අමතකද ?මේ වෙලාවේ දේශපාලන වාසි ගන්න හදනවනම් තියෙන ඡන්දෙත් අඩු වෙන එකයි වෙන්නේ.
රට ඉඳන් එන අය නිරෝධායනය කළයුතුයි. ඒත් චීනේ සිට ගෙනාපු සිසුන්ට තිබුණු සැප මේ විදෙස් ශ්‍රමිකයින්ට නෑ. එක ශ්‍රමිකයෙක්වත් දියතලාවේ ගෙනිච්චේ නෑ. නොමිලේ වයිෆයි දුන්නේ නෑ. කෑමට සල්ලි ගන්න ගිහින් යන්තම් ඒක නැවතුණා. චීනේ සල්ලි ගෙවලා ඉගෙනගන්න ගියේ ධනපති දරුවෝ. ඒකයි වෙනම යානාවක් යැව්වේ. මේ ශ්‍රමිකයෝ එන්නේ අතින් සල්ලි දීලා ටිකට් අරන්... ඔවුන් එහෙම අාවේ නැත්නම් ඒ රටේම කොරෝනා හැදිලා මැරෙන්න තිබ්බා... ඔවුන් ගේන්න යානා යවන්නේ නෑ. ඔවුන් ඉහළ පැලැන්තියේ නොවන නිසා...
අප ඔබගේ මානුෂික ක්‍රියාවන් පිළිබඳ බොහෝ සේ පැහැදී සිටින්නෙමු. එක අනුවණ මිනිසෙකුගේ මෝඩ ක්‍රියාවට ඔබගෙන් සමාව අයදිමු. සත්ක්‍රියාවට ජය...
ඔය කියන හැම එකටම උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. මේ වෙලාවේ හමුදාව කරන්නේ උතුම් කාර්යයක්. කොරෝනා තියෙන සමහර රටවල නගර පිටින් සීල් තියලා. සමහර රටවල සුපර් මාර්කට් හිස් වෙලා. ඒ මොකද කිව්වා නම් කොච්චර කල් ගෙවල් ඇතුලේ ඉන්න වෙයිද දන්නේ නැති හින්දා මිනිස්සු වේලාසනම බඩු මිලට අරගෙන. ලංකාවේ වගේ සත් කාර්යයක් විදිහට කොරෝනා නිරෝධනය කරන රටවල් නැහැ. හැම එකටම මිලක් තියෙනව. ඒ හින්ද කොරෝනා නිරෝධනය කරන පිරිස් වලට පාවිච්චියට දෙන්න ඕනේ ඩිස්පෝසබල් භාණ්ඩ. ඒවා නැවත පාවිච්චියට ගන්න බැරි හින්දා. සියලු සැප පහසුකම් ඕනේ නම් ඒව තමන් සපයා ගන්න කියන්න. කොරෝනා මුලින්ම හැදෙන කොට තිබ්බ විදිහයි දැන් කොරෝනා ලෝකේ පුරා පැතිරිලා තියෙන විදිහයි බලපුවහම ප්‍රශ්නේ හුඟක් බරපතල වේගෙන යන බව මොලේ කළඳක් හරි තියෙන ඕනේ මිනිහෙකුට තේරෙනවා. ඒ හින්ද විවේචන ගණන් ගන්න එපා.
හමුදාපතිතුමනි, මේ වැඩ කරන්නේ කවුරුවත් නොව අපේ රටේ තවමත් ඉතිරිවී ඉන්න පන්තිය විසිනුයි. ඔවුන් ඉහළ සමාජයට තවමත් ඉර්ෂ්‍ය කරමින් සිටිනවා විනා තමන් වැටී සිටින අසූචි වලෙන් ගොඩ ඒමට කිසිදා නොසිතයි. මෙය හොඳ නිදර්ශනයක්. කෙසේවුවත්, ජනපතිතුමා සමග ඔබ සැම ගෙනයන මෙම සත්ක්‍රියාව ලෝකවාසීන්ගේ ගෞරවයට පාත්‍රවී හමාරයි.
අපිට ඉතා කාරුණික යුද හමුදාවක් තියෙනවා.
මේ ලියන ඒවා දැක්කම දුක හිතෙනවා. අපේ ජාතික ආදායමෙන් ලොකුම කොටස ගෙනෙන්නේ විදෙස් ශ්‍රමිකයන්. ඒක අමතක කරන එකතරම් ගුණමකුකමක් තවත් නැහැ. කෑම, බෙහෙත්, ඛනිජ තෙල් මෙකී නොකී හැමදේම මෙතරම් හරි අපිට ලැබෙන්නේ මේ ශ්‍රමිකයන් උපයන ඩොලර්වලින්. මේ ශ්‍රමිකයන් ඔක්කොම ලංකාවට ආවොත් අපේ රටේ ශ්‍රම හමුදාවට ආණ්ඩුවේ රස්සා දෙන්න කියලද කියන්නේ? ඒ අතරින් නූගත් කමට ඔලුව ඉදිමුණු අයත් ඉන්නවා. ඒක සමාජයේ හැම කොටසකම තියෙන විෂබීජයක්. ඒ ටික දෙනෙක් කරන කියන දේවල් නිසා හැමදෙනාම එක බෝට්ටුවේ දමන එක වැරදියි.
තමන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් මේ වගේ කාලකන්නි වැඩකරන අය මරන්න ඕනේ. හමුදාවේ අපේ රත්තරන් කොල්ලොන්ට තෙරුවන් සරණයි!
ලංකිකයන් වශයෙන් අප සදාකාලිකව හමුදාවට ණය ගැතියි.