(රංජිත් රාජපක්ෂ)

අධික වර්ෂාවත් සමග මහවැලි ගගේ පාරුවක් ගැට ගැසිමට ගිය දෙදරු පියකු මහවැලි ගඟේ සැඩ පහරට හසු වි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය මැදගහවතුර ප්‍රදේශයේ පදිංචි කේ.ජි.තිස්ස නැමති (54) හැවිරිදි දෙදරු පියෙකි.

මහවැලි ගඟෙ මැදගහවතුර ප්‍රදේශයේ හෙල්ලෙන පාලම කඩා වැටි ඇති නිසා එම ගම්මානයේ වැසියන් මහවැලි ඟෙ තරණය කරනු ලබන්නේ පාරුවකින් වන අතර , නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලුණ අධික වර්ෂාව නිසා පාරුව ලණුවකින් ගැට ගැසිමට ගිය අවස්තාවේ ඔහු මහවැලි ගඟේ සැඩ පහරට හසු වි අතුරුදහන් වි ඇත.

අතුරුදහන් වු ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ දුරින් පිහිටි නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබි ප්‍රදේශවාසින්  සොයාගෙන ඇත.