
(සිසිර කැලේගම)
රසායණික පොහොර භාවිතයට විරෝධය දක්වමින් කාබණික පොහොර ඉල්ලා පොල්පිතිගම නගර මධ්‍යයේ අද උද්ෂෝෂණයක් පැවැත්විණි.
රටේ බොහෝ ප‍්‍රදේශවල රසායණික පොහොර ඉල්ලා ගොවි ජනතාව හඩ නගන මුත් මොවුන් කාබණික පොහොර ඉල්ලා උද්ඝෝෂණයක නියැලීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාවට පශූ සම්පත් ගොවිපල ප‍්‍රවර්ධන කිරි හා බිත්තර ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී.බී. හේරත් මහතා ද එම විරෝධතාවට එක්ව සටන් පාඨ කියමින් විරෝධතාවයේ නියැඵණු අතර, පොල්පිතිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් විජේනායක ඇතුලූ ප‍්‍රාදේශීය සභා මංත‍්‍රිවරුන්, වයඹ පලාත් සභාවේ හිටපු අමාත්‍ය නිමල් කරුණාතිලක හා ප‍්‍රදේශයේ ගොවි සංවිධානවල නියෝජිතයන් හා තරුණ තරුණියන් ද එක්ව සිටියහ.
පොල්පිතිගම ප‍්‍රාදේශිය සභාවෙන් පෙරවරුවේදී පිටත් වු පිරිස ”රසායණික පොහොර මරුවා. මහ පොළවට වින කෙරුවා, ජනපතිදුනි මේ අහන්න, අපේ වකුගඩු රැකලා දෙන්න ”ආදි සටන් පුවරු රැුගත් පෝස්ටර් අතැතිව පොල්පිතිගම මුලික රෝහලේ වකුගඩු රුධිර කාන්දු කරණය ඉදිරිපිටට පැමිණ එහි නගර මධ්‍යයේ මාවතේ රැදී දේ්ශපාලකයින් හා ගොවි නියෝජතියින් මෙන්ම සංඝ රත්නය ද රසායණික පොහොර භාවිතයෙන් වෙන හානිය පිලිබදව අදහස් දැක්වීය.

COMMENTS
මේ ගෝත්‍රික බයියන්ගේ උද්ගෝශනයක්නේ. මම හිතන්නේ කිරි,බිත්තර ඇමති වෙන්න ඇති මේ බයියන්ට බෝඩ් ඇඳලා දුන්නේ. රටේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ගන්න අරක්කු, රෙදි කෑලි, කුඩ, අමුඩ...මේ මෝඩයින්ට දුන්නම, උන් ඕන මගුලක් කියලා කෑ ගහනවා. මේ බයියන්ගේ ආත්මයක් නැහැ...!!! එය අරක්කුවලට, රුපියල් 200 කට ...පාවාදීලා. ඔහොම යමු බයියනේ...