(ක.ග.කරුණාරත්න)
අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොලොන්නරුව සෝමාවතිය ප‍්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් අද (02) පස්වරුව වන විට ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමාකරණ ඒකකය කියයි.
ඒ හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පුලස්තිපුර පොලිසිය පැවැසීය.
සෝමාවතිය පුදබිමට ආසන්නයේ මාර්ගයේ තැන් කිහිපයක් මෙසේ ජලයෙන් යටවී පැවැතීම නිසා එහි රථවාහන ගමනා ගමනය සිදුකළ නොහැකි තත්වයක් උද්ගතවී ඇති නිසා මාර්ගය වසා දැමූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.