(ක.ගකරුණාරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී වගා කරන ලද කුඹුරු අක්කර 18,000 ක් පමණ කීඩෑ හානිය හේතුවෙන් විනාශයට පත්ව ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි මහතා අද (26) පැවැසීය.
මින්නේරිය,ගිරිතලේ සහ කවුඩුල්ල යන මහ ගොවි ජනපද ව්‍යාපාරවල මෙම කීඩෑ හානිය බහුලව සිදුව ඇතැයිද ඒ මහතා කීය.
වගා හානි සම්බන්‍ධයෙන් තමන්ද සොයා බැලූ බවත් පොලොන්නරුව ගොවිජන සේවා සහකාර කොමසාරිස් වරයා මගින් නිල වශයෙන් ලබාගත් සංඛ්‍යාලේඛන කෘෂිකර්ම ඇමතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකළ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

COMMENTS
අතීතයේ සිටි ගොවියා ශාන්ති කර්ම හා කෙම්ක්‍රම මගින් මෙවැනි උවදුරු වළක්වා ගත්තත් වත්මන් ගොවියා පිටරටින් ගෙනෙන රසායනික ද්‍රව්‍යයන් මගින් උවදුරු වළක්වා ගැනීමට උනන්දුවේ. දැන්වත් කවුරු හෝ පැරණි කෙම්ක්‍රම ගැන අවධානය යොමුකරනවානම් හොඳයි.
ලොකුම කීඩෑවා අයින් වුනායින් පස්සේ අපි හිතුවේ පොළොන්නරුවට හොඳ කලක් යයි කියලා. බලද්දී තාම කීඩෑවා ඔය පැත්තේ සැරිසරනවානේ.