IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘පුලතිසි‘ ගමන් අරඹයි

කොළඹ කොටුව සිට පොළොන්නරුව දක්වා ‘‘පුලතිසි‘‘ නමින් නව නගරාන්තර  ශීඝ්‍රගාමී දුම්රියක් අද (11) සිට ධාවනයට එක් කරන ලදී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකෙරිණි.

මෙම දුම්රිය ඉන්දියාවෙන් ආනයනය කළ එස්  - 13 බලවේග දුම්රියක් වන අතර වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක්ද දෙවන සහ තුන්වැනි පන්තියේ මැදිරි දෙකක්ද ඊට ඇතුළත් වේ.

ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමෙන් අනතුරුව දුම්රියේ මරදාන දක්වා ගමන් කළ ආකාරය ඡායාරූපයේ දැක්වේ.

ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග යන මහත්වරු ද එම අවස්ථාවට පැමිණ සිටියහ.

(ඡායාරූප -  ගයාන් අමරසේකර)

 



අදහස් (12)

‘පුලතිසි‘ ගමන් අරඹයි

CHANDIMA Wednesday, 11 September 2019 01:48 PM

ණයට ගත්තු සල්ලි වුණත් ආපසු ගෙවන්න වෙනවා නම් ඒ සල්ලි වලින් ගත්තු කෝච්චියේ ඉන්දියානු තානාපති නිකන් එක්ක යන්නේ මොකද? එ්ක හරියට ගිනි පොලියට බැංකු වලින් ඉදිකිරීම් වලට ණය දීලා එ්ක ඉස්සරහ අහවල් බැංකුවේ අනුග්‍රහයෙන් ඉදිකරන ලදී කියලා බෝඩ් ගැහැව්වා වගේ වැඩක්...

:       43       141

nishaWednesday, 11 September 2019 02:26 PM

ආව ගමන් කුරුණෑගල ඉඳලා පොළොන්නරුවට දඹුල්ල හරහා රේල් පාරක් හදන්න හැදුව එකේ මෙහෙමවත් එකක් කරගන්න පුළුවන් වෙච්ච එකට සතුටු ඇති...

:       13       22

sandy123 Wednesday, 11 September 2019 02:48 PM

නිකමටද මම කිව්වේ ජනාධිපතිට ගෙදරට යන්න පුළුවන් කියලා... මතක ඇතුව ටිකට් එකක් ගන්න හොඳේ...

:       0       23

Nandalal DE SILVA - France Wednesday, 11 September 2019 05:43 PM

සිරිසේන මහත්තයා එයාට චාන්ස් එකක් තියේද කියල බලන්න ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සක්සුදක්සේ පැහැදිලියි. ඒ වුනාට එයාගේ කියුම් කෙරුම් මුළු රටම දන්නා නිසා කිසිම පක්ෂයකින් තියා ඡන්ද දායකයින්වත් නැවත වරක් රටේ උත්තරීතර පුටුවේ එයා වාඩිකිරීම නොවෙන කාරණාවක් බව හොඳින් පැහැදිලි වෙනවා. ඡන්දෙ ඉල්ලලා පැරදුණාම ගමේ යන්න මෙයා ගහපු අලුත්ම ගැටේ තමා "පුලතිසි" කෝච්චිය. අනේ වාසනාවන්...

:       15       35

සමන්ත Wednesday, 11 September 2019 07:19 PM

දැන්ම තියා ඔය හැම තිසියම හොඳයි.. මොකද අයියලා මල්ලිලා සෙට් එකම ගෙදර ගිය ගමන්ම ආ පයින් වැලිකඩට එන්න එපා යෑ. රජෝ, තව මාස දෙකකින් ගෙදර ගියහම තමයි සෙල්ලම බලාගන්න පුළුවන් වෙන්නේ. කරලා තියෙන සෙල්ලම් වල හැටියට එදාට පුලතිසි නෙමේ "තරුවිසි" වෙයි.

:       16       41

gunarathnaThursday, 12 September 2019 03:30 AM

සමන්තගේ කටේ මසුරන් දාන්ට ඕනේ. තව මාස තුනක් විතර තමා ඕක දුවන්නේ. වෙන ආණ්ඩුවක් ආපුගමන් ඕක නැතිවෙනවා..

:       0       2

chami Wednesday, 11 September 2019 08:21 PM

මෙය කළ යුතුව තිබුණේ මීට වසර පහළවකට කලින්..

:       0       0

jerami Wednesday, 11 September 2019 10:14 PM

මල කෝලම්... !!! 

:       0       0

San80 Thursday, 12 September 2019 04:06 AM

පොඩ්ඩක් ධනාත්මකවත් හිතන්න පුරුදු වෙන්න. ඕක අපිට පාවිච්චි කරන්න පුළුවන් විදෙස් සංචාරකයින්ට හබරණ, මින්නේරිය, පොලොන්නරුව ආකර්ෂණය කරවන්න. හැබැයි ඕක යන වෙලාවල් නම් අප්සට්. ලංකාවේ අපිට වුනත් දඹුල්ල හරහා වාහනයක් පදවන් යනවට වඩා කොච්චර ලේසිද?

:       0       11

nimal Thursday, 12 September 2019 04:18 AM

නිශා දඹුල්ල, කුරුණෑගල දුම්රිය මාර්ගය මහින්ද චින්තන පොතේ තිබුණු පොරොන්දුවක්... එයාලා ආයේ බලයට ආවොත් ඉටු කරයි. හැබැයි ඒ පොතේ තිබුණේ 2007 හදනවා කියලා.

:       0       7

දකුණේ බුද්දීමතාThursday, 12 September 2019 07:43 AM

එයාලා දකුණේ හැර අනෙක් පළාත්වල අයට දෙන ටොෆි ගිලින්න තරම් මෝඩයන් ඉන්න නිසා තමයි එහෙම කරන්නේ. එහෙනම් එයාලා බලයේ ඉඳිද්දී අඩුම ගානේ කුරුණෑගලටවත් අධිවේග මාර්ගයක් හදන්න එපැයි. මහින්දලාගේ වැඩ දකුණට පමණයි.

:       0       0

Uditha - London Thursday, 12 September 2019 05:06 AM

මට මේ බහුතරයක් මිනිස්සුන්ගේ පලකරන අදහස් ගැන හිතාගන්න බැහැ. බහුතරය හිතන්නේ හැමකෙනාම ඝෘණාත්මකව. යම් වැඩක් කළොත් එ්කේ වැඩිපුර මිනිස්සු දකින්නේ නරක පැත්ත. මේ කරපු දේ කොච්චර හොඳ දෙයක්ද? සංචාරකයින්ට වගේම ලාංකික අපිට වුණත් කොච්චර දෙයක්ද? මෙහෙම සැප පහසුවට ගමනක් යන්න තියන එක.. හැමදේම ඇඳ පලුදු හොයන්න එපා. ණය වෙලා හරි මන් හිතන්නේ මිනිස්සුන්ට හොඳවැඩක් කරලා තියනවා. පොඩි එකාගෙන් හූරාගෙන කන විදිහක් තමයි බලන්නේ. නමුත් මිනිස්සු විදිහට හොඳ වැඩක් කළොත්, එ්ක අගය කරන්නත් අපේ හිත්වල කොතැනක හරි පුංචි ඉඩක් තියා ගනිමු.

:       39       59

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31117 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13246 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 44 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site