IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොල්තෙල් සාම්පල 125ක රසායන වාර්තා අධිකරණයෙන් ඉල්ලයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පොල් තෙල් වල මිනිස් පරිභෝජනයට නුසුදුසු පිලිකා කාරක විෂ සංඝටක අඩංගු ද යන්න පරීක්ෂා කිරීම සදහා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පසුගිය අප්‍රේල් මස 01වැනිදා වෙළඳ පොළෙන් ලබා ගත් සාම්පල 125 සම්බන්ධයෙන් සිදු කල රසායනාගාර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (04) පොල් සංවර්ධන මණ්ඩලයට නියෝග කළේය.

පොල් සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්.පී.කේ.විජේබණ්ඩාර මහත්මිය මගින් ලබන 23වැනිදා එම වාර්තා ඉදිරිපත් කරන ලෙස ද අභියාචනාධිකරණය එම මණ්ඩලයට නියම කෙරිණි.

සිංහලේ සංවිධානයො ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සම්කාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ පිළිකා කාරක විෂ සංඝටක අඩංගු පොල් තෙල් වෙළඳ පොළේ බවට අනාවරණය වීමෙන් පසු ඒ පිළිබඳව පරීක්ෂා කිරීම සදහා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් විසින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පොල් තෙල් සාම්පල ලබා ගත් බවය.

එම සාම්පල පරීක්ෂාවේදී ඒවායේ විෂ සංඝටක අඩංගු නොවන බව පැහැදිලි වූ බව පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සදහන් කල බව ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

එහෙත් එම සාම්පල වල මිනිස් සිරුර ට අහිතකර විෂ සංඝටක අඩංගු බව ට විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණු බවත් ,!විෂ සංඝටක අඩංගු පොල් තෙල් වෙළඳ පොළේ සුලභව පැවතීම මහජන සෞඛ්‍යය ට විශාල හානියක් යැයිද බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

එබැවින් මො පිළිබඳව සත්‍ය කරුණු අනාවරණය කර ගැනීම සදහා අදාල පොල් තෙල් සාම්පල පරීක්ෂාව සම්බන්ධ වාර්තා අධිකරණය හමුවට කැදවන ලෙස ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ අධිකරණයට මේ නියෝගය කලේය.

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකා කාරක විෂ සංඝටක අඩංගු පොල් තෙල් ආනයනය කර බෙදා හරින පුද්ගලයන් ට එරෙහිව පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා, නීතිපති වරයා ඇතුළු බලධාරීන් ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබුණි.

මෙම විෂ සහිත පොල්තෙල් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස වගඋත්තරකරුවන් ට නියම කරන්නැයි ද පෙත්සම මගින් ඉල්ලා ඇත.

පොලිස්පතිවරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩී.එම්. එස්. දිසානායක, පොල් සංවර්ධන අධිකාරිය, එම අධිකාරියේ සභාපති ජයන්ත වික්‍රමසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, නීතිපතිවරයා ඇතුළු 13 දෙනෙකු නම් කර තිබේ.

පිලිකා කාරක විෂ සංඝටක අඩංගු පොල්තෙල් විවිධ පුද්ගලයින් සහ ආයතන විසින් මෙරටට ආනයනය කර ඇති අතර ඒවා මේ වන විට රට පුරා ව්‍යාප්ත වී ඇති බවටද තොරතුරු ලැබී තිබෙන බවට පෙත්සමෙහි සදහන් වේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ දක්වා විධිමත් විමර්ශනයක් සිදු වී නොමැති බවට පඤ්ඤාලෝක හිමි යෝ සිය පෙත්සමෙන් කියා සිටියහ

මෙම විෂ සහිත පොල් තෙල් වෙළඳ පොළ ට නිකුත් වීම නිසා මහජනතාවගේ සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බැවින් පිලිකා කාරක විෂ ද්‍රව්‍ය අඩංගු පොල් තෙල් මෙරටට ආනයනය කළ පුද්ගලයින් සහ ආයතන වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමියෝ අධිකරණය ඉල්ලා සිටිති.

මෙම විෂ පොල් තෙල් ගෙන්වා බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික සේවා අධිකාරිය මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණ පිළිබඳ වාර්තා අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙස ද පෙත්සම මගින් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත.

 



අදහස් (0)

පොල්තෙල් සාම්පල 125ක රසායන වාර්තා අධිකරණයෙන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 931 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site