
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අද (21) අලුයම සිට විවෘත කර තිබේ.
පවතින අධික වැසි තත්වයත් සමඟ ඉදිරියේදී ජල ධාරිතාව ඉහළ යා හැකි බැවින් කිසිදු හේතුවක් මත ගඟට බැසීමෙන් වළකින ලෙසත්, දරුවන් දිය නෑමට හෝ වෙනත් කිසිදු හේතුවකට ගඟට නොයවන ලෙසත් ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද උදෑසන වන විට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබූ අතර එමගින් තත්පරයකට ඝන අඩි 5500 ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හරිමින් ඇති බවත්, සවස් වන විට මෙම ජල ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බවත් ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.