(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුව මාර්ගයේ බාදුරාගොඩ වේයන්ගොඩ හන්දිය ආසන්නයේ පාර අයිනේ දමා ගිය මල්ලක තිබී අත්බෝම්බ දෙකක් හා විවිධ වර්ගයේ ජීව උණ්ඩ 150 ක් පමණ සොයා ගත් බව පල්ලෙවෙල පොලිසිය පවසයි.
බාදුරාගොඩ වේයන්ගොඩ පාර හන්දිය ආසන්නයේ පාර අයිනේ තණ බිස්සක සැකකටයුතු පාර්සලයක් ඇති බවට අද (6) ලද තොරතුරක් අනුව පොලිසිය කළ පරීක්ෂාවක දී මෙම බෝම්බ හා උණ්ඩ හමුවී ඇත.
විදේශීය රටක නිෂ්පාදනය කළ බව කියන ජීව බෝම්බ දෙකක්, ජීව පතරොම් 6ක්, පතරොම් හිස් කොපු 3ක්, විවිධ ප‍්‍රමාණයන්ගෙන් යුත් ටී 56 ගිනිඅවි සඳහා භාවිතා කරන ජීව උණ්ඩ 135 ක්, හිස් කොපු 16 ක්, උණ්ඩ රදවනයක් හා පිස්ටල් කාටිලේජර් දෙකක් මේවා අතර වෙයි.
කඩදාසියක ඔතා වෙඩි බෙහෙත් වැනි මිනිරන් පාටින් යුතු කැබලි හා කුඩු විශේෂයක් ද මෙහි තිබී හමුවී ඇතැයි පොලිසිය කියයි.
මීරිගම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණ මෙම පාර්සලය පරීක්ෂාවට ලක්කර ඉදිරි රාජකාරි කටයුතු සඳහා පොලිසියට බාර දෙනු ලැබීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.