IMG-LOGO

ප්‍රහාරයේ වීඩියෝපට සමඟ මුස්ලිම් ජාතිකයෝ 5ක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
පාස්කු ඉරිදා ප්‍රහාරයේ දර්ශන ඇතුළත් වීඩියෝ පට, ජංගම දුරකතන, තව්හීත් ජමාත් සංවිධානයේ නායකයාගේ සේයාරූ, වනාතවිල්ලුව ප්‍රදේශයේ පුහුණු කඳවුරක ජායාරූප හා වීඩියෝ පට ළඟ  තබාගත් මුස්ලිම් ජාතිකයන් පස්දෙනෙකු කැබිතිගොල්ලෑවේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
 
යුද හමුදාව සහ පොලිසිය එක්ව කැබිතිගොල්ලෑව නගරයේ කළ පරීක්ෂාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයන් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සේවය කළද වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
 
හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයක් වීඩියෝ ගතකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්වූවන් අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
 
සැකකරුවන් අද(01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
යුද හමුදාව සහ පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.



අදහස් (6)

ප්‍රහාරයේ වීඩියෝපට සමඟ මුස්ලිම් ජාතිකයෝ 5ක් අත්අඩංගුවට

janis Wednesday, 01 May 2019 10:48 AM

බහුතර මුස්ලිම් පූජකයන් සහ පිරිස් ගල්බුතගැහිලා ඉන්නේ නැතුව මේකට විරුද්ධ වෙන්නේ නැතිඑක පුදුමයි. විස්වාශ කරන්න බැහැ...

:       61       681

amilaWednesday, 01 May 2019 12:29 PM

ඔක්කොමලා මේ වැඩේට කැමතියි. නමුත් පෙන්නන්නේ නැහැ. තිත්ත ඇත්ත මේකයි සහෝදරයා. සිංහල අපි ඔක්කොම එකට එකතු වෙලා සමගියෙන් ඉමු කිව්වට එයාලා එහෙම ඉන්නේ ජනගහනේ සම වෙනකන් විතරයි. ඊට පස්සේ අපිට වෙන දේ මෙතන කිව්වට විශ්වාස කරන එකක් නෑ....

:       160       737

AsankaWednesday, 01 May 2019 01:25 PM

මියන්මාරේ හරි, බංගලිදේශේ හරි, සිරියාවේ හරි වත් ප්‍රශ්නයක් වුණා නම් ඔන්න අඩුගානේ රටේම පෙළපාලි යන්න තිබ්බ සාමය හොයන කට්ටියම එකතුවෙලා.. ලංකාවේ නම් මම දැක්කේ නැහැ මට ඇහුණේ නැහැ තමයි...

:       1       109

rizwan Wednesday, 01 May 2019 01:00 PM

සහෝදරයා ඔක්කෝටම ඉස්සෙල්ලා අර හිරේ ඉන්න හාමුදුරුවන්ව නිදහස් කරගෙන ඔයගොල්ලන්ගේ එකමුතුකම ලෝකෙට පෙන්නලා ඉන්න. පස්සේ හිතන්න වෙන වෙන ජාතීන්ගේ අඩුපාඩු..

:       2311       65

NirmaalWednesday, 01 May 2019 01:23 PM

හාමුදුරුවන්ට හිරේ යන්න පාර කැපුවේ ඔයගොල්ලෝ නෙවේද? රටක නීතියට ගරු නොකර, අහන ප්‍රශ්නෙට උත්තර නොදී වෙනදෙයක් ගැන කතාකරන එක ගැනත් අපි හොඳට දන්නවා සහෝදරයා....

:       2       2420

Kandy BandaThursday, 02 May 2019 08:23 AM

සහෝදරයට රිදිලා වගේ, හෙමෝම අයි එස් අයි එස් නෙමෙයි..... කියන්න අපි දන්නවා එත් බොහෝ දෙනෙක් සහය දීල කියල පේනවා ඔය වගේ කට්ටිය එකට සතුටු වෙනවා කියලත් පේනවා .........

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 473 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 639 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site