
(ඉන්දිකා රාමනායක)
ඉරිදා දිනයේ දේව මෙහෙයන් සඳහා පල්ලි වලට නොයන ලෙසත්, පල්ලි වලට ප්‍රහාරයක් එල්ල වීමේ ඇති බවත් කඳාන ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසකට ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩ යැවූ පුද්ගලික සමාගමක ගණකාධිකාරිවරයෙකු අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරු ජාඇල වැලිගම්පිටි ප්‍රදේශයේ පදිංචි (31) පුද්ගලයෙක් බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඊයේ දිනයේ ඉරිදා දේව මෙහෙයන් සඳහා සහභාගි නොවන ලෙසට මොහු විසින් මෙම පණිවිඩය ඊයේ (19) කිහිපදෙනකු වෙත ම යවා ඇති බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
විවිධ පුද්ගලයන්ගෙන් ජංගම දුරකථනයට වට්ස්අප්, වයිබර් , සහ කෙටි පණිවිඩ මගින් මේ ආකාරයේ ලැබෙන කෙටි පණිවිඩ සම්බන්ධයෙන් සොයා නොබලා තවත් කෙනෙකු වෙත බෙදා හැරීමෙන් වළකින ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටින බව අජිත් රෝහණ මහතා කීය.
මෙවැනි අසත්‍ය කෙටි පණිවිඩ යවන පුද්ගලයන්ට මෙන් ම ඒවා සොයා නොබලා තවත් අයට බෙදා හරින පුද්ගලයන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.