IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

 

(සුජිත් හේවාජුලිගේ )

සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ( මුදල්) රටට ගලා ඒම සඳහා පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුත් දෙපාර්තමේන්තුවක් පිහිටුවනු ලැබ ඇත.

විදේශ ප්‍රේෂණ ප්‍රවර්ධන   පහසු කිරිමේ දෙපාර්තමේන්තුව ලෙස නම් කරනු ලැබ ඇති මෙම අංශය පිහිටවනු ලැබ ඇත්තේ 1949 අංක 58 දරන මුදල් පනතේ විධිවිධාන යටතේය . 



අදහස් (4)

ප්‍රේෂණ පහසු කිරීමට මහ බැංකුවෙන් අලුත් දෙපාර්තමේන්තුවක්

අතුල සෞදි Saturday, 06 November 2021 01:34 PM

හැමදාම කළේ අශ්වයා ස්තාලෙන් පැන්නට පස්සේ විසඳුම. මේ වෙනකොටත් රටට එවන නීත්‍යානුකූල පේෂණ(බැංකුවක් හරහා) සැලකියයුතු ප්‍රමාණයකින් අඩුවෙලා.එයට ප්‍රධාන හේතුව බැංකුව ලබාදෙන විනිමය හුවමාරු අගය ඩොලර් එකක් සඳහා රුපියල් 198/50 ක(ආසන්න වශයෙන්) අගය. .නමුත් වෙළෙඳපොළ හුවමාරු අගය රුපියල් 225-230(මිළදීගැනිම) වගෙ.ඒ කියන්නේ 15% ක වගෙ වෙනසක්. අඩුමගානේ මේ ටිකවත් තේරුම් ගන්න බැරි මහා බැංකුවක්. අපි දන්නවා මේ වෙලාවෙ විදේශ සංච්ත ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒකට දැනට කරන්න තියෙන හොඳම විසඳුම තමයි " එක පාරට විනිමය හුවමාරු අගය වෙළෙඳපොළ සැබෑ වටිනාකමට පාවෙන්න ඉඩ අරින එක. නැත්නම් මෙය කෘතිමව පාලනය කරන්න ගියොත් විසඳුමක් නැතුවාම ප්‍රශ්නය තවත් උඩුදුවන එකයි වෙන්නෙ.

:       2       8

Mangala Saturday, 06 November 2021 06:30 PM

දැන් තමා මේ ගොල්ලන්ට විදේශවිනිමය එවන අයගේ පහසුව මතක් වෙන්නේ. ඔයගමන්ම විදේශවිනිමය එවන අයට දෙන ඩියුටි ෆ්‍රී ගැනත් වැඩිකරන්න. වාහන වලට LC අරින්නේ නැතුව එහෙමත් නැත්නම් පිටරට රැකියා කරලා ගන්න ඩොලර් හෝ යූරෝ වියදම් කරලා ලංකාවට එවන වාහන, බහුකාර්ය වාහන, බැකෝ, ලොරි, බස් වැන් වල සහ යන්ත්‍ර සූත්‍ර වල බදු අහෝසි කරන්න.

:       0       0

Rohana Saturday, 06 November 2021 10:22 PM

අතීසාරයට අමුඩය ගහන්න හදනවා වගෙයි.

:       0       1

සුරන්ජිත් - දමාම් Saturday, 06 November 2021 10:45 PM

පට්ට දුෂිත ආණ්ඩුව ඔය මොන ක්‍රමය දැම්මත් අපි ආයේ කවදාවත් බැංකු හරහා ලංකාවට මුදල් එවන්නේ නැහැ. ඊට වඩා පහසු , ගොඩාක් ලාබ උන්ඩියල් ක්‍රමයෙන් ගෙදරටම වැඩිපුරත් එක්ක සල්ලි යවනවා. ආණ්ඩුවේ ආර්ථිකයට හෙනගැහුවත් අපිට වැඩක් නැහැ. අපි අපි ගැන පමණක් බලාගන්නවා. අපි එවන සල්ලි වලින් කොමිස් ගහන්න දේශපාලුවන් කෙළ හලහලා බලාගෙන ඉන්නවා. අපි ඒ ගැන දන්නවා. එ්ත් දැන් ඒවා සුම්මා තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 250 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 438 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 181 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site