(ඩී.ජී.සුගතපාල ,ජි.ඩබ්ලිව්.ප්‍රේමතිලකද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම තම පක්ෂයේද අර්බුද තිබෙන නමුත් මෙවර මැතිවරණයේදීත් පැරෂුට්කාරයන් ගෙන ආවොත් ජනතාව සමග එක්ව අරගල කරන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම (එ.ජ.නි.ස) මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූයේ වත්මන් දේශපාලන තත්වය හා ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා ගාල්ලේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ අද (08) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදි මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේ 2009 පළාත් සභා මැතිවරණයේදි අනර්කලි සහ සජින් වාස් ගුණවර්ධන වැනි පැරෂුට් කාරයින් ගාල්ලට ගෙනෙන ලද නමුත් තමන් ඔවුන් සමග සටන් කොට ජයගත් බවයි. අද ඔවුන් සිටින්නේ කොහේදවත් නොදන්නා බවත්, මෙවරද එසේ පැරෂුට්කාරයින් ගෙනාවොත් ජනතාව සමග අරගල කරන බවත් ඒ මහතා කීය.
ඒ නිසා ඉදිරි මැතිවරණයේදී මොන නළුවන්, නිළියන්, ක්‍රීඩකයින් ගෙනාවත් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තමන් ජයගන්නා බවත් මේ වනවිට රටේ ප්‍රධාන පක්ෂය බවට පත්ව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව පොදුජන පෙරමුණ බවත් පොහොට්ටුව දිනන ලකුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තැනක් නැති වුණොත් මහින්ද රාජපක්ෂ මහතා යටතට යන බවත් මන්ත්‍රිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තද...? සිංහරාජෙට ගිහිල්ලද? එහෙ සත්තු නිදහසේ ඉඳීවි...
ආයිත් මහින්දට කඩේ යනවා. 2015දී මහින්ද වෙනුවෙන් මෛත්‍රීගේ රැස්වීම් එකට ගිනි තියලා මෙයාට නඩුත් තියනවා. එම මැතිවරණයේදී මහින්ද පැරදුණු ගමන්, මෛත්‍රීට කඩේ යමින් මහින්දට ගැහුවා. දැන් ආයිත් මහින්දට කඩේ යනවා.
පැරෂුට් වලින් හෝ රටට වැඩක් කරන්න පුළුවන්.., බුද්ධිමත් දැක්මක් ඇති පිරිසක් මිස හාල්පාරුවන්ගෙන් ජනතාවට වැඩක් නැත. මෙවර ඡන්දයේදී ජනතාව නිසැකවම ඒ ගැන සිතා ඡන්දය දෙයි.
නිශාන්ත මන්ත්‍රීතුමා වගේ උගත්, බුද්ධිමත්, පළපුරුදු නායකයෙක් ගාලු ජනතාව අනිවාර්යයෙන්ම දියවන්නාවට යවන බව අපිට ශුවර්...
ගෝඨාභය මැතිඳුනි, වියත්මගේ උපදේශකවරුනි, ඡන්ද දායකයිනි... මොහුව ඔබලාට බාරයි..!
අපේ දේශපාලුවන්ට. කඳ විතරයි තියෙන්නේ මොලේ පිහිටලා නැහැ. මේ සටන් පාඨද කියවන්නේ චන්ඩි කතා නේද? මෙදා සැරේ කට්ටිය ගේන්නේ හිරගෙදර කට්ටිය රටට සේවය කරන්න නෙමේ කල්පනාව තමන් දින්නානං ඇති මහින්ද නැති දවසට මහින්ද එක්ක යන්න ගොඩක් කට්ටිය ඉන්නවා.. තමන්ට මොලේ තියෙනවා නම් කාටවත් කඩේ යන්නේ ඇයි? දිරච්ච සහල් ආහාරයට ගන්න නොමිලේ දෙනවලු මේ නඩේට විතරක් කොරෝන හැදෙන්න ඕනෑ ජනතාව බේරලා. දෙවියන්ගේ අතේ වැඩේ තියෙන්නේ...
තමුන් වගේ පැරෂුට් කාරයින් ඉන්න හින්දා තමයි රටට කෙළවෙලා තියෙන්නේ...
කවුරු මොන බයිලා ගැහුවත් ගාල්ලට වැඩක් කරන මිනිහෙකුට ඉන්නේ මුතු පමණයි. ගාල්ලේ අපි මුතු දිනවනවා.
මැතිවරණයක් ළඟ ළඟ එනවනේ.. මෙයා කැපී පෙනෙන්න හදනවා. බොරු වීරයෙක් වෙලා..
අනේ මෙහෙමත් දීන පුද්ගලයින්...
අපි ගාල්ලේ, ඔබට කියන්නේ ඔබ ගාල්ලෙන් කුජි්ත බවයි.
පට්ටම පට්ටම හොරා.
මේ පුද්ගලයා කිසි ලෙසකින් පාර්ලිමේන්තුවට යැවිය යුත්තෙක් නෙවෙයි. කරුණාකර මනාප ලිස්ට් එකේ පහළ ඉන්න දූෂණයෙන් තොර උගත්කමක් තියෙන කෙනෙක් යවන්න ගාල්ලේ ජනතාව වග බලා ගන්න. බත් පැකට් එකට අරක්කු බෝතලේට ලොල්වෙලා මොවුන් දිනවන්න එපා. ඔබත් රටත් විනාශ වෙනවාමයි.
අතිගරු ජනාධිපතිතුමනි, අපිට ඔබ වැනි අවංකව සේවය කරන පිරිසක් ඕනේ. මේ පරණ හෙන්චයියෝ නැතිව අලුත් වැඩ කරන පිරිසක් ගන්න. අපි ලෑස්ති ඡන්දය දෙන්න. මේ මුළු පාර්ලිමෙන්තුවම අලුත් වෙන්න ඕනේ. හොඳ බුද්ධිමත් උගත් අවංක පිරිසකගෙන් මේ පාර්ලිමේන්තුව පුරවන්න.
චන්ඩි කතා, මෝඩ කතා කියන අය මෙදා පාර කම්මුතු වෙනවා.
මුතු අමුතු වෙලාද? අපිත් ගාල්ලේ තමයි.........
අලුතින් ඇවිත් ඉන්න අය බලන්නේ ලැබුණු අවස්ථාවේ උපරිමයෙන් කන තරමක් කන්න. උන්ගේ පවුල් පිටින් ගොඩ දමන්න. එතකොට දැන් ඉන්න අයට වඩා අන්ත වෙනවා. අනෙකා උගත් කියන්නේ හොරකම් නොකරනවා කියන්නේ දෙන්න පුළුවන් සහතිකයක්ද? දැන් ඕකේ ඉන්න උගතුන්ගෙන් අවංක වැඩක් කරන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා වැනි අතළොස්සක් පමණයි.
මෙයා දිනනවා කියන්නේ මේකට ඡන්දෙ දෙන මෝඩ හරක් ගාල්ලේ ඉන්නවා කියන කියන එකයි.
කිසිම උගත්කමක් , ප්‍රතිපත්තියක් වැදගත්කමක් නොමැති ඔබලා වැනි පුද්ගලයන් පාර්ලිමේන්තු ගියේ පක්ෂෙට කතිරේ ගහල ඊට පස්සේ ලිස්ට් එක බලන විට ලිස්ට් එකේ සියලුදෙනාම එක වල්ලේ පොල් වැනි නිසා මනාපේ ගහන්න කෙනෙකු නැතුව මිනිස්සු මනාපේ ගහපු නිසා , වියත් මගෙන් හරි , කවුරු හරි උගත් වැදගත් , රටට වැඩක් කල හැකි කෙනෙකු පැරෂුට් එකෙන් බැස්සුවොත් මිනිස්සු අනිවාර්යයෙන්ම ඔහුට මනාපේ ගහනවා, දිනනවා කියලා හොඳටම ෂුවර් නම් මොකටද පැරෂුට් කාරයන්ට බය වෙලා අරගල කරන්න සැරසෙන්නේ ? බොරු කලබල නැතිව දිනලා පෙන්වන්න.