
(නිපුන් ගරුක)
පරිවාසභාරයේ සිටින දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දී අද (30) සිදුකෙරුණු අතර රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ පියල් නිශාන්ත මහතා ඊට අත්සන් තැබීය.
ළමා නිවාසවල සිටින දරුවන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවැරදි වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි යොමුකරමින් සමාජගතකිරීම මෙහි මූලික අරමුණ වී ඇත.
මෙම පාඨමාලා අවසානයේදී නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සම්බන්ධීකරණයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහතික (NVQ) පිරිනැමීම ද සිදුකෙරේ.
යාවත්කාලීන කරන ලද www.youthjobs.lk වෙබ් අඩවිය දියත් කිරිම ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් මෙහිදී සිදුකෙරිණි.
මෙම වෙබ් අඩවිය හරහා පාඨමාලා පිළිබඳ සියලු තොරතුරු ලබාගත හැක.


COMMENTS
හොඳයි. ඉහළ අධ්‍යාපනයක් ලැබීමට හැකියාව ඇති අයට විශේෂ අවස්ථා ලබාදීමට පුළුවන්කම තිබේ නම් අනර්ඝයි. චුට්ටක් හිතුවොත් ඇමතිතුමාට බැරිවෙන්නේ නෑ.
පරිවාස දරුවෝ කියන්නේ රැඳවුම් නිවාස දරුවන්ට නම් ඒවායේ සිටින සමහරක් පාලකයින්ට කළගුණ සැලකීම ඉගැන්වීම කළයුතු බව කිවයුතුයි..