
(විනීතා එම් ගමගේ)
සියලුම පුරාවිද්‍යා ස්ථාන හා ස්මාරක අසළ ද්‍රෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා බ්‍රේල් ක්‍රමයට සැකසූ විස්තර පත්‍රිකා හා පොත්වල සාරාංශ ද තැබීමට පියවර ගන්නා බවත්, ශ්‍රවනාබාධිත තැනැත්තන් වෙනුවෙන් ඒ ඒ ස්ථාන සඳහා වන වීඩියෝ පට සකස් කරන්නටත් ඒවායේ සංඥා භාෂාවෙන් විස්තර පටිගත කර තැබීමටත් පියවර ගන්නා බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
මෙම කටයුතු සඳහා මේ වනවිට මූලික පියවර තබා ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.
ආබාධිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සළසා තිබීම රටේ පොදු නීතියට අනුව අනිවාර්ය අංගයක් වන අතරම පුරා විද්‍යාව ජනතාව අතර ප්‍රචලිත කිරීමට මෙම පියවර ඉවහල් වන බවත්, පුරාවස්තු සංරක්ෂණයේ දී එයින් විශාල දායකත්වයක් සැළසෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
කවදාවත් අපි නොහිතපු පැත්තක්. අනිවාර්යයෙන් විශේෂ අවශ්‍යතා ඇති අයගේ අවබෝධය සමාන්‍ය ජනතාව වන අපට අමතක වූ අවස්ථාවක ඔබතුමා ගත් මේ මහඟු පියවර මා දකිනුයේ ඔබ යම් ඉහළ උගත් කමක් ලද ප්‍රාඥයකු හෝ විදග්ධයකු ලෙසින් නොව මෙන්ම ප්‍රබල පාලකයකු අධ්‍යක්ෂවරයකු ලෙස නොව ඔබ ඇතුලාන්තයේ ජීවත් වන උත්තරීතර මිනිසාගේ අවදිවීමක් ලෙසිනි. කෘතහස්ත මේ කාර්යය මනස් අද බොහෝ දෙනාගේ බුද්ධියට කරන ආමන්ත්‍රණයකි. මානව විද්‍යාවක් අතරටද වැටෙන ඔබේ විෂය පථය තුළ ඔබ මානව සංහතිය ගැන හැදෑරූ සහ හදාරණ අය හට මානව දයාව කියාදුන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප සහිත නායකයෙකුට එහා ගිය ගුරුතරුවක් සේ හඳුනා ගතිමි. චිරන් ජයතු! ආයු රක්ඛන්තු ආවඩා... ආයු බෝ වේවා ඔබතුමන්ට...
මෙවැනි සේවාවක් අපට අමතක වූ මොහොතක සිදුකිරීම කෘතහස්ත ක්‍රියාවකි. විශේෂ අවශ්‍යතා ඇති අයවලුන් හටද අධ්‍යයනයට හා අවබෝධය ලබා ගැනීමට මෙවැනි ක්‍රමයක් හඳුන්වා දීම තුළ සාමාන්‍ය ජනයා සේම ඔවුන්ද සුවිශේෂි දායකත්වයකට නැඹුරු කරවීමත් තමා ජීවත්වන රට සහ අතීතය පිළිබඳව හසල අවබෝධයක් ලබා ගනුවස් මෙම කාර්ය මා ඔබතුමන් තුළින් දකිනුයේ හුදු නායකයකු හෝ පාලකයෙකු, මහාචාර්යවරයකු, ප්‍රාඥයකු ලෙස නොව, කෘතහස්ත උත්තුංග ගුරු තරුවක් ලෙසිනි. මන්දයත් මානව සංහතිය පිළිබඳ හැදැරූ ඔබ එය හදාරණ අයවලුන්ට සැබෑ මානව දයාව හඳුන්වාදුන් මෙන්ම හැබෑ ප්‍රජාතන්ත්‍රවාදය කියාදීමට ගත් මහඟු ප්‍රයත්නයක් ලෙසයි. එබැවින් දයාබර ගුරුතුමණි, ඔබට චිරං ජයතු...!!! ආයු රක්ඛන්තු ආවඩා ආයුබෝවේවා!!!
ඇත්තටම සතුටු වෙන්න පුළුවන් හොඳ වැඩක්..