(අජන්ත කුමාර අගලකඩ)

පාර්ලිමේන්තු සැසිවාරය මාසයකින් පමණ කල්දැමෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කෙරෙනු ඇතැයි වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත් සමඟ ඇතිවී තිබෙන වාතාවරණය  හමුවේ පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව කල්දමමින් සැසිවාරය කල් තැබෙනු ඇතැයි වාර්තාවේ.