(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් සැක සේවකයකු හමුවීම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දමා එහි සෙසු සේවක පිරිස් නිරෝධායනයට යොමුකර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
ආරක්ෂක පියවරක් ලෙස කතානායක වරයා එහි පැමිණීමද වළක්වා ඇත.
කොවිඩ් සැක සේවකයා හමුවීමෙන් පසුව කතානායක කාර්යාලය සහ ඒ අවට ප්‍රදේශය පූර්ණ ලෙස විෂබීජහරණය කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කොවිඩ් සැක සහිත සේවකයකු හමුවීම නිසා කතානායක කාර්යාලයේ සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තුව සේවකයන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා අද හෙටම ලැබීමට නියමිත බවත් වේත්‍රධාරිවරයා කීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සෞඛ්‍යාරක්ෂාවේ ලොකු ගැටළුවක් නැතැයි කී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා එහි එම ආරක්ෂාව තහවුරු කිරීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද සඳහන් කළේය.
මන්ත්‍රීවරු ,පාර්ලිමේන්තු සේවකයෝ සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදිහු පිරිසක් කොවිඩ් රෝගයට මෙයට පෙර ගොදුරු වූහ.
COMMENTS
අඩු ගානේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයවත් ආරක්ෂා කරගෙන රටට ආදර්ශයක් දෙන්න.
ඕක වහලම දැම්මත් කමක් නැහැ. වෙන සෙතක් තියන එකක් යෑ....
අනේ සාදු... හරිම සතුටුදායක ආරංචියක්... සදාකල්ම වහලා දාන්නම ලැබේවා...!!!
අනේ ඉක්මණට උණුසුම් පුවතක් දෙන්නකෝ...
අර පැණිය බීලා මාළුපාන් කාපු එකේ රඟේ තමයි ඔය...
පොසිටිව් කියන්නෙ නැතුව සැක සහිත කියන්නෙ සැර බාල කරන්න....,අපි අහුවෙයි ඕවට...!