ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.
එම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහ මැතිවරණය තාවකාලිකව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
නීතිඥයන් වන ජයන්ත දෙහිඅත්තගේ සහ මිගාර ඩොස් යන මහත්වරුන් මාර්ගයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
නීතිපති, මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ සහ මැතිවරණ කොමිසම වගඋත්තරකරුවෝ වෙති.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එජාප පඩිපතින් යැපෙන අය මේ වගේ අය බොහෝ ආයතනවල ඉන්නවා... ඒ වගේම ආයතන පිහිටුවාගෙන තිබෙනවා.