නාලක සංජීව දහනායක
එක් දේශපාලන කණ්ඩායමක උවමනාවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස්කරවා නිස්කාරණේ මහජන මුදල් කාබාසීනියා කිරීම සම්බන්ධ වගකීම කතානායකවරයා විසින් බාරගත යුතු යැයි අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ මහතා අද (7) පැවැසීය.
මේ වනවිට දින පහක කාලයක් පර්ලිමේන්තුව රැස්කිරීම වෙනුවෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වියදම්ව තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.
එහිදි මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවසීය.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාම අත්සන් කළත් නැවත රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිවරයා කිහිප විටක්ම පවසා තිබෙනවා. එහෙමනම් අගමැතිධූරය සඳහා එක්සත් ජාතික පක්‍ෂයෙන් වෙනත් පුද්ගලයකු නම් කිරීමෙන් විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ඇතිවී තිබෙන අර්බුදය විසඳාගන්න පුළුවන්කම තිබෙනවා. කොහොම නමුත් මේ අර්බුදය නිර්මාණය කළේ එක්සත් ජාතික පක්‍ෂයයි.
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රී කණ්ඩායමකගේ සහය හිමිව තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. ඒ සඳහා දිවුරුම් ප‍්‍රකාශ ඉදිරිපත් කරන බව අජිත් පී. පෙරේරා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා දින වකවානු සහිතව කිව්වා. එහෙමනම් ඔය කියන බහුතරය ජනාධිපතිවරයාට පෙන්වීමෙන් මේ ප‍්‍රශ්නය විසඳාගන්න පුළුවන්.
නමුත් අද වෙනකම් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න ඔවුන්ට බැරිවෙලා තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව පෙන්නුවොත් ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න තියා රනිල්, සජිත්, කරූ එකම වේදිකාවකට ගේන්න එක්සත් ජාතික පක්‍ෂය බැහැ.
මේ වනවිට නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ අභ්‍යන්තරයේ බරපතල අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වැනිදාට පෙර ඔවුන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව එළවන්න සටන් කලා. නමුත් මේ ඇතිවුණ දේශපාලන පෙරළියේ දී එක්සත් ජාතික පක්‍ෂය රකින්නත් ඔවුන් පුදුම වෙහෙසක් ගන්නවා.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිට ශ්‍රී ලංකා නිදහස් පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)


2025 නොවැම්බර් මස 21
33
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘පාර්ලිමේන්තු රැස්කර මහජන මුදල් නාස්ති කිරීම ගැන කතානායක වගකිව යුතුයි’