(ප්‍රසන්න පද්මසිරි)
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ පහරකෑමකට ලක්වූ බව කියන බණ්ඩාරවෙල පොලිසියේ කොස්තාපල්වරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා බණ්ඩාරවෙල පොලිසියේ දූෂණ මර්දන ඒකකයට අනියුක්තිව රාජකාරි කරන බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.