(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා  ලබන 4 වැනිදා අහඹු  ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන්   පරීක්ෂණ තවත් වටයක් ක්‍රියාත්මක කිරීමට  පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්,ආරක්ෂක අංශවල නිලධාරීන් සහ පාර්ලිමේන්තු ආවරණය කරන ජනමාධ්‍යවේදීන්ටද එම පරීක්ෂණවලට  යොමු විය හැකි බව  වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

මෙම පරීක්ෂණ වටය මෙදින  උදේ 9.00 සිට දහවල් 12.00දක්වා පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු ප්‍රධානීන්  මෙම පරීක්ෂණ වටය  පැවැත්වීමට තීරණය කර ඇත්තේ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුවය.

රැපිඩ් ඇන්ටිජන්   පරීක්ෂණ වට  කිහිපය පාර්ලිමේන්තුවේදී මෙයට පෙරද  පැවැත්විණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30කට ආසන්න පිරිසක්ද  පාර්ලිමේන්තු සේවකයෝ සහ  පාර්ලිමේන්තුවේ ආරක්ෂක අංශ නිලධාරීහු පනහකට ආසන්න පිරිසක්ද  කොවිඩ් වයිරසයට  පසුගිය කාලයේදී ගොදුරු වූහ.

මේ අතර පාර්ලිමේන්තුව  ලබන 4 වැනිදා උදේ 10.00ට යළි රැස්වීමට නියමිතය.