
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු කමිටු මෙයට පෙර ලබාගත් සාක්ෂි ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව ඒ කමිටු රැස්වී තීරණය කරනු ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවැසීය.
ඒ බලය පවතින්නේ කාරක සභාවලට යැයිද ඔහු සඳහන් කළේය.
කතානායකවරයා මෙසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පාර්ලිමේන්තුවේ කාරක සභාවට කලින් දුන් සාක්ෂි ඉදිරියටත් වලංගු දැයි ප්‍රකාශයක් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙහිදී ඉල්ලීමක් කළේය.
සීනි වංචාවට අදාළව සාක්ෂි පහළොස් දාහක් පමණ ලැබී තිබූ බවත් මේ සාක්ෂි ඉවත් කිරීමෙන් තොරව ඉදිරියට ගෙන යෑම වැදගත් බවත් කිරිඇල්ල මහතා පැවැසීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
ඒ ගැන මට කියන්න බැහැ.ඒක ඒ කමිටු රැස්වී තීරණය කරාවි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
නැහැ. ඔබතුමා නියෝගයක් දෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගෙන් ප්‍රකාශ ගන්නවට වඩා හොඳයි මඩේ හිටවපු ඉන්නකින් අහන එක .හිටියැයින් හිටියේ නැහැ මෙච්චර අජුත කතානායකයෙක් .රට කන්නම ආපු එකෙක්