
කොරෝනා වයිරසය ආසාදනය වී සිටින, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ආශ්‍රය කළ සමීපතමයන් සෙවීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කරමින් සිටිති.
ඒ මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(10) උදෑසන අනාවරණය විය.
මන්ත්‍රීවරයා ජනවාරි 5 වැනි දින පාර්ලිමේන්තුවේ පැවති සැසියකට සහභාගී වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තමා නිරෝධායනයට යොමු වූ බවද, තමා සමඟ පසුගිය දින 10ක පමණ කාලය තුළ සමීප සබඳතා පැවැත්වූවන්ට නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙහි පළ කර ඇත.
මෙම සතියේදී කොරෝනා වයිරසය ආසාදනය වූ දෙවනි මන්ත්‍රීවරයා රවුෆ් හකීම් මහතාය. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර, ඒ මහතා මේ වනවිට නිරෝධායනය වෙමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන් කියලා කොටසක් නෑ කියලා හිතාගෙන හිටියට දැන් බලපුවාම ඉන්නවා වගේ. දෙවියන්ගේ පිහිටෙන් පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකටම කොවිඩ් හැදිලා ඉවරයක්ම වේවි..
2021 වසර රටට සුබ වසරක් වීගෙන එනවද මන්දා.
කතානායක සහ පවිත්‍රාට කොහොමද දන්නේ නැහැ... හැදුණෝතින් හොඳටම ඇති.
හොඳ වෙලාවට අර කට්ටිය 20ට ඡන්දේ දීලා පැන ගත්තේ නැතිනම් ඔවුන්ටත් කොරෝනා තමයි.