IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාර්ලිමේන්තුවේ දෙවැනි පෙළ අසුනක සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක් හිමිව සිටි විමල් වීරවංශ මහතාට අද (10) පළමු පෙළ ආසනයක් ලබා දී තිබිණි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ඉල්ලීම පරිදි  පළමු පෙළ ආසනයක් ලබාදී ඇත.

මෙලෙස විමල් වීරවංශ මහතා පළමු පෙළ ආසනයකට පැමිණිමත් සමඟ එතෙක් පළමු පෙළ ආසනයක සිටි අනුර ප්‍රියදර්ශන යාපා මහතාට දෙවන පෙළ ආසනයකට යාමට සිදුව තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස විපක්ෂයේ අසුන් ගත් පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ආසන සකස් කර තිබුණේ සාමාන්‍ය ක්‍රමවේදය පරිදි ජේෂ්ඨත්වයේ අනුපිළිවෙල මතය.

එහිදි විමල් වීරවංශ මහතාට හිමිව තිබුණේ සභාවේ විපක්ෂයේ දෙවළ පෙල 34 වෙනි ආසනයය. 

අනුර ප්‍රියදර්ශන යාපා මහතාට පළමු පෙළ 13 වෙනි ආසනය ලබාදී තිබිණි.

නමුත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ඉල්ලීම මත විමල් වීරවංශ මහතාට දෙවන පෙළ 34 වන ආසනයේ සිට පළමු පෙළ 13 වෙනි ආසනය හිමිව ඇත.

 අනුර ප්‍රියදර්ශන යාපා මහතාට දෙවන පෙළ 21 වෙනි ආසනය ලබා දී ඇත.



අදහස් (10)

පාර්ලිමේන්තුවේ දෙවැනි පෙළ අසුනක සිටි විමල්ට ඉදිරිපෙළ අසුනක්

athula Thursday, 10 January 2019 06:04 PM

ඕකට දෙන්න ඕන එළියේ තියෙන බංකුව...

:       0       0

surath Thursday, 10 January 2019 06:23 PM

ඇයි අවුල්ද ?

:       0       0

sirimal Thursday, 10 January 2019 06:37 PM

කටේ සද්දෙට කොහේ හිටියත් කියන බහු බුත ඇහෙන නිසා මෙයාට දෙන්න තිබුනේ දියවන්නේවෙනුත් පිට තියෙන ආසනයකුයි.

:       0       0

Nandalal DE SILVA - France Thursday, 10 January 2019 08:13 PM

මෙයාට ඕනෑම රටකට යාමට වලංගු පාස්පෝර්ට් එකක් තියෙන නිසා වෙන්න ඇති මෙහෙම ඉදිරි පෙළ (බිස්නස් ක්ලාස්) අසුනක් ලැබුනේ..! එහෙම නැත්නම් පසුගිය දිනවල පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක් හැටියට හරවපු දිනවල තුන්මුල්ලේ විමලේ ඒ ක්‍රියාකාරිත්වල ප්‍රබල සාමාජිකයෙක් හැටියට කටයුතු කළ යුතු නිසා වෙන්නත් පුළුවන් මෙහෙම "ප්‍රමෝෂන්" එකක් ලැබුනේ ! මගේ තුන්වැනි අදහස වන්නේ, මේ අවස්ථාවේදී නන්නත්තාරවී ජනාධිපති අපේක්ෂකයෙක්වත් හොයාගැනීම සඳහා කළුවරේ අතපතගාන විපක්ෂයේ ජනපති අපේක්ෂකයා හැටියට මැදමුලන මරා අයියා, විමලේගේ නම යෝජනා කරාවත්දෝ කියලයි. අනුර ප්‍රියදර්ශන යාපා "රිවර්ස්" කරවපු එක හරියට එයා විපක්ෂයට දැම්මා වගෙයි !

:       0       0

Amila Friday, 11 January 2019 02:58 AM

පොහොට්ටුවේ අගමැති අපේක්ෂකයා...!

:       0       1

ත්‍රස්තයා Friday, 11 January 2019 03:08 AM

හරියට හරි... සමාජ සේවයක් නොකරන, කුමන්ත්‍රණකාරීන්ට ඉදිරිපෙළ අසුන් පිළිගැන්විය යුතුයි...

:       0       2

sudesh Friday, 11 January 2019 03:40 AM

කවදා හෝ දවසක ඔබතුමා මේ රටේ අගමැති බවට පත්වේවා!!! තෙරුවන් සරණයි.

:       1       7

Bandara Kuwait Friday, 11 January 2019 04:55 AM

හොරකම් වලින් නම් විමලයෝ ඔබ ඉදිරියෙන් නිසා ඉදිරිපෙළම තමයි හරියන්නේ... දේශමාමක දේශප්‍රේමය නිකම් බොරු කතා විලාසයක් පමණයි. ඡන්දෙ දෙන අයට ගහන්න ඕනෙ මඩුවලිගෙන්...

:       104       229

Liya Friday, 11 January 2019 09:30 AM

කොහොමත් හොරු පෙරට ඉන්න පක්ෂයනේ...

:       3       20

Bishan Friday, 11 January 2019 09:51 AM

ඉතාම හොඳ තීරණයක්. හොරකමට දක්ෂ, ඕනෑම බොරුවක් ඇත්ත වගේ කතා කරන, ජාතිවාදය වපුරන හොරුන්ව ඉස්සරහින් තමයි තියන්න ඕනේ...

:       2       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 620 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site