රටේ ඇතිවෙමින් පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය ගැන පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කළ යුතු බැවින් කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු ලිපියක් මගින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරති.
අනුර දිසානායක, විජිත හේරත්, නිහාල් ගලප්පත්ති, නලින්ද ජයතිස්ස, සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම ලිපියට අත්සන් තබා ඇත.
රට තුල ඇතිවෙමින් තිබෙන අර්ජුදකාරී දේශපාලන වාතාවරණය රටටත්, ජනතාවටත් කිසිසේත්ම හිතකර නොවන බව ද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ඇතිවෙමින් පවතින තත්ත්වය රටට එරෙහි විදේශීය බලවේගවලට ද අනියමින් වාසියක් වන බව ද , රටේ පරමාධිපත්‍ය නියෝජනය කළ යුතු වන රටේ ප්‍රධානම ආයතනය වන පාර්ලිමේන්තුවේදී කඩිනමින් එය සාකච්ඡා විය යුතුව ඇති බව ද, පාර්ලිමේන්තු සැසිය කල් තැබීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බව ද ජනත විමුක්ති පෙරමුණ කතානායකවරයාට යැවූ ලිපියේ සඳහන් කර තිබේ.
(28535)
COMMENTS
ලැජ්ජ නැති ජනාධිපතිවරයාට එලෙස පාර්ලිමේන්තුව කල් දැමීමට හැකි වුවද හදිසි අවස්ථාවකදී කතානායකවරයාට නැවත පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ප්‍රස්ථාව ඇද්දැයි සොයා බැලියයුතුය.
පාර්ලිමන්තුව කල් තැබීම කියන්නේ මේ ජනාධිපතිගේ දුර කාලයේ අවසන් මොහොත පෙන්නුම් කරන්නේ. චන්ද්‍රිකාත් 2001 දී පාර්ලිමන්තුව කල් දාල ඉල්ලන් කෑවා. ඉතිහාසයේ ප්‍රජාන්ත්‍ර විරෝදී වැඩ වලින් වුනේ ඉතා පහත් අන්දමින් ජනතා අපකීර්තියට පත්වමින්, ගෙදර ගියා.
දෙගොල්ලම කියනවනේ තමන්ට බහුතරය තියෙනවා කියලා. එහෙමනම් ඇයි කල් දාන්නේ? පාර්ලිමේන්තුව කැඳවල කාටද බහුතරය තියෙන්නේ කියලා බලන එක තමා කරන්න තියෙන හොඳම දේ.
එක්කෝ ඔබ තුමන්ලා ඉදිරියට ඇවිත් රට ගෙනියන්නකෝ. අරෙහේ මෙහේ ඇද ඇද ඉන්නේ නැතුව.
අපේ ගැහැණු, දරුවෝ දැන් කන්නේ වේලක් ඇර වේලක්. 23 වෙනිදා ජවීපෙ අපි කොළඹ ආවේ මේ පාලනයට විරුද්ධව. දැන් මොනවද මේ අනුර කුමාර සහෝදරයා කරන්න යන්නේ?
පාර්ලිමේන්තුව කැඳවලා බහුතරය පෙන්වලා, රනිල්ව පරදලා, වැදගත් විදියට රජයක් පිහිටුවලා, රටට වැඩක් කරලා, ජනතාවට සහන දීලා, ඡන්දයකට යන්න... එදාට ජනතාව මහින්ද-මෛත්‍රි රජයක් අායෙමත් පත්කරාවි... බල තණ්හාව රට අගාධයට ගෙනියනවා.. අපි පව් ගෙවනවා..