සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ ආහාර සැපයීමේ ක්‍රියාවලිය නැවත පුර්ණ පරීක්ෂාවට ලක් කරන්නැයි කතානායක කරු ජයසුරිය මහතා එහි අදාළ නිලධාරීන්ට අද (18) උපදෙස් දී ඇත.
මෙරට වැඩියෙන්ම ආහාර නාස්ති වන්නේ පාර්ලිමේන්තුවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 16 වැනි දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවති ලෝක ආහාර දින සැමරුම් උත්සවයේ දී ප්‍රකාශ කර තිබු අතර ජනාධීපතිවරයාගේ ඒ ප්‍රකාශය සැළකිල්ලට ගෙන කතානායකවරයා මේ උපදෙස් දී තිබේ.
පාර්ලිමේන්තුවේ ආහාරපාන සැපයීම අරපරිස්සමෙන් කරන්නැයි වර්තමාන කතානායකවරයා එම ධුරයට පත්වු පසුව උපදෙස් දී ඒ අනුව කටයුතු කෙරුණූ බවත් මේ පියවර නිසා ආහාර සඳහා වියදම් සැළකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට හැකිවුණු බවත් කතානායක කාර්යාලය පවසයි.
COMMENTS
එතරම් කාර්යබහුල වෙන්නැති.
එක දොරකින් ඇවිල්ලා හොඳට කාලා අනික් දොරින් පිටවෙලා යනවා. පාර්ලිමේන්තු පැමිණීමේ ලේඛනයයි ආහාර නිකුත් කිරීමයි සසඳලා බැලුවොත් දැනගන්න හම්බවෙයි මොකද වෙන්නේ කියලා. තවදුරටත් විභාග කලොත් හොයාගන්න පුළුවන් වේවි පැමිණිය/පිටවගිය හා ආහාර ගෙන පිටවගිය කට්ටියගේ වත ගොත.
සාමාන්‍ය කෑම වේලක් සියලුම දෙනාට හදන්න විශේෂ යමක් උවමනානම් ඊට කලින් දිනයේ දැනුම් දෙන්න කියන්න ලිඛිතව, නොදන්වා නොපැමිණෙන සියලුම දෙනාගෙන් අඩුකරන්න ක්‍රමයක් සකසන්න
ඉතාම පහසුවෙන් මෙය කල හැකිය. පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට දිනකට අවශ්‍ය ආහාර වේල් ප්‍රමාණය දුරකථන පණිවිඩයක් මගින් අඩුම තරමේ පැය හතරකටවත් කලින් ඇණවුම් කිරිමට හැකිවන සේ ක්‍රමවේදයක් සකස් කිරිමටත් එසේ ඇණවුම් කල මන්ත්‍රීවරුන්ට ඒ සදහා ටෝකන් එකක් නිකුත් කිරිමත් එසේ ඇනවුම් නොකරන මන්ත්‍රීවරුන්ට ආහාර නොසැපයීමටත් දැනුම්දී තම ආහාර වේල නොගන්නා මන්ත්‍රීවරුන්ගෙන් එම ආහාර වේල සදහා යන වියදම වැටුපෙන් අය කිරිමටත් හැකි ආකාරයට මෙය සකස්විය යුතුය.
මේ සේරමලට නිල නිවසත් දීලා තියෙනවනම් හැමදේම නොමිලේ ලැබෙනවානම් වැටුපකුත් දෙනවනම් මොකටද කෑම දෙන්නේ? කෑම අරගෙන එන්න නිතිය දමන්න. පාර්ලිමේන්තුව රැස්වීමේදී 200 කට කෑම හදනවා. එන්නේ 50 අපරාදයක් නේද කරන්නේ? මොවුන්ගේ වැටුපෙන් කෑම වේලේ මුදල අය කරන්න. එවිට බත් පත ගැන හිතලා ඒවි. මේ විදියට බැලුවම ලෝකෙන් ණය ඉල්ලන්නේ ජනතාව වෙනුවෙන්. නමුත් භුක්ති විදින්නේ මේ කට්ටිය. මේ කට්ටියගේ බඩ පිරුණත් හිත පිරෙන්නේ නැහැ.
දීගය ඉවරවෙන ලකුණුමයි දවස ගානේ පේන්නෙ.
කතානායක ධූරයේ වැඩ ටික හරියට කලානම් ඒ හොදටෝම ඇති කුස්සියේ වැඩ ඒ ගොල්ලෝ බලාගනීවි
කරුණාකර එළවලු දෙකකක් සමඟ මස් හෝ මාලු සමඟ සරල මිල අඩු අහර වේලක් දෙන්න එතකොට ඕකට යන වියදම ඉතා අඩු කරගන්න පුළුවන්
ආහාර සැපයීම ගැන යලි විපරම් කරන්න නෙමෙයි පිනට කන්න දෙන්න ඕනද කියන එක විපරම් කරන්න කමිටුවක් දාන්න. ඔය හැම එකෙන්ම ගසා කන කෑමේ හැටියට මුන්ට බත් එකක් අරන් කන්න බැරි කමක් නෑනේ. අනුරාධපුර - පොළොන්නරුව - ඌව - උතුර - නැගෙනහිර වගේ පැතිවල කොයිතරම් ඉන්නවද එදා වේල කන්න නැතිව. මේ පාර්ලිමේන්තු කැන්ටිමේ කන්න ගියාම කන්නේ මොනවද හිතා ගන්න බැරි තරමට හැමදාම කෑම හදනවා....... මොකටද මේ තරම් කන්න දෙන්නේ. අනික මොන පෝෂ්‍යපදාර්ථ දුන්නත් මේ අයගේ මොලේ වැඩෙන් නෑ ......