(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතරේ උණුසුම් වචන හුවමාරුවක් මැතිසබයේදී අද (07) ඇතිවිය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා ඇමැතිවරයාට එවා තිබූ ලිපියක් පදනම් කරගෙන අර්ජුන රණතුංග මහතා තිලංග සුමතිපාල මහතා චෝදනා කළ අතර දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුයේ මේ අවස්ථාවේදීය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වර්තාව මගින් තිලංග සුමතිපාල මහතාට අපරාධ චෝදනා පවා නගා ඇතැයි අර්ජුන රණතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ඊට පිළිතුරු දුන් තිලංග සුමතිපාල මහතා පැවැසුවේ අර්ජුන රණතුංග මහතාට විරුද්ධව තරග පවාදීමේ චෝදනාවක් යටතේ පරීක්ෂණයක් පැවැත්වුණු බවයි.
ක්‍රිකට් පරිපාලනයේ දූෂණ වංචා සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා ඉල්ලීමක් කළේය.
සූදු ක්‍රීඩා වල යෙදී සිටින්නන්ට ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීම වැළැක්වීමේ රෙගුලාසි පිළිබඳ විවාදයක් මැතිසබයේදී අද (07) පැවැත්විණි.මේ සිද්ධිය ඇතිවුයේ එම විවාදය අතරතුරේදීය.
සූදු ක්‍රීඩා වල යෙදී සිටින්නන්ට ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීම වැළැක්වීමේ පනත් කෙටුම්පත කිසියම් අතපසුවීමක් නිසා මැතිසබයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නොතිබිණැයි පැවසිණි.
මේ හේතුවෙන් ඒ පනතේ කෙටුම්පත පිළිබඳ විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව ලබන 11 වැනිදා පෙරවරු 11.30 නැවත රැස්වන බවද පාර්ලිමේන්තුව නිවේදනය කළේය.
කලින් තීරණය කරගත් පරිදි අද දිනයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් මස 3 වැනිදායි. පාර්ලිමේන්තුව රැස්වන්නේ පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුවයි.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාර්ලිමේන්තුවේදී අර්ජුන - තිලංග අතර උණුසුම් වචන හුවමාරුවක්
DD Thursday, 07 November 2019 06:02 PM
ඔය මොනවා කළත් අර්ජුනගේ ඇගේ තියෙන්නේ ක්‍රිකට්. එක දෙයක් තමයි ඔහුට කවදාවත් ක්‍රීඩා අමාත්‍යාංශය දෙන්නේ නෑ. මොකද ඒක හරියට කරාවි. එතකොට ක්‍රීඩා දුෂණ කරන්න අමාරු වේවි. ලංකාවේ හරි එක්කෙනාට කවදාවත් හරි දේ ලැබෙන්නේ නෑ.