IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


පාර්ලිමේන්තුවේදී අර්ජුන - තිලංග අතර උණුසුම් වචන හුවමාරුවක්

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ක්‍රිකට් පරිපාලනයේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග හා මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් අතරේ උණුසුම් වචන හුවමාරුවක් මැතිසබයේදී අද (07) ඇතිවිය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා ඇමැතිවරයාට එවා තිබූ ලිපියක් පදනම් කරගෙන අර්ජුන රණතුංග මහතා තිලංග සුමතිපාල මහතා චෝදනා කළ අතර දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවුයේ මේ අවස්ථාවේදීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වර්තාව මගින් තිලංග සුමතිපාල මහතාට අපරාධ චෝදනා පවා නගා ඇතැයි අර්ජුන රණතුංග මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ඊට පිළිතුරු දුන් තිලංග සුමතිපාල මහතා පැවැසුවේ අර්ජුන රණතුංග මහතාට විරුද්ධව තරග පවාදීමේ චෝදනාවක් යටතේ පරීක්ෂණයක් පැවැත්වුණු බවයි.

ක්‍රිකට් පරිපාලනයේ දූෂණ වංචා සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා ඉල්ලීමක් කළේය.

සූදු ක්‍රීඩා වල යෙදී සිටින්නන්ට ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීම වැළැක්වීමේ රෙගුලාසි පිළිබඳ විවාදයක් මැතිසබයේදී අද (07) පැවැත්විණි.මේ සිද්ධිය ඇතිවුයේ එම විවාදය අතරතුරේදීය.

සූදු ක්‍රීඩා වල යෙදී සිටින්නන්ට ක්‍රීඩා සංගම්වල තනතුරු දැරීම වැළැක්වීමේ පනත් කෙටුම්පත කිසියම් අතපසුවීමක් නිසා මැතිසබයේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී නොතිබිණැයි පැවසිණි.

මේ හේතුවෙන් ඒ පනතේ කෙටුම්පත පිළිබඳ විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව ලබන 11 වැනිදා පෙරවරු 11.30 නැවත රැස්වන බවද පාර්ලිමේන්තුව නිවේදනය කළේය.

කලින් තීරණය කරගත් පරිදි අද දිනයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් මස 3 වැනිදායි. පාර්ලිමේන්තුව රැස්වන්නේ පාර්ලිමේන්තුවේදී අද පැවැත්වුණු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුවයි.

 

 

 



අදහස් (1)

පාර්ලිමේන්තුවේදී අර්ජුන - තිලංග අතර උණුසුම් වචන හුවමාරුවක්

DD Thursday, 07 November 2019 06:02 PM

ඔය මොනවා කළත් අර්ජුනගේ ඇගේ තියෙන්නේ ක්‍රිකට්. එක දෙයක් තමයි ඔහුට කවදාවත් ක්‍රීඩා අමාත්‍යාංශය දෙන්නේ නෑ. මොකද ඒක හරියට කරාවි. එතකොට ක්‍රීඩා දුෂණ කරන්න අමාරු වේවි. ලංකාවේ හරි එක්කෙනාට කවදාවත් හරි දේ ලැබෙන්නේ නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’සුළඟ’’ ගාල්ලේ ජනපති ශිෂ්‍යත්ව කල් දමයි
2024 ජුලි මස 15 9 0

“ජනාධිපති ශිෂ්‍යත්ව - 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ.


අදත් තැනින් තැන වැස්ස
2024 ජුලි මස 15 23 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපා


ව්‍යාපාරිකයෙක් ඝාතනය කර කැබ් රියට දමා ගිනි තියලා
2024 ජුලි මස 15 323 0

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර කැබ්රථයට දමා ගිනි තබා ඝාතනය කර ඇතැයි උප්පුවේලී පොලිසිය පවසයි.


පුත්තලමේ මන්ත්‍රී සබ්රි ඉඩමක් බලෙන් අල්ලාගෙන
2024 ජුලි මස 15 826 0

පුත්තලම නගරයේ වානිජ වටිනාකමකින් යුත් රජයට අයත් ඉඩමක් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා නීති විරෝධිව අත්පත් කර ගෙන ඇති


එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි
2024 ජුලි මස 15 2185 0

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ති


නාම යෝජනා කැඳවන දිනය මේ මස අග
2024 ජුලි මස 14 930 0

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 67 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 918 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1802 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site