IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ප්‍රියන්ත කුමාරගේ සිරුරේ අවශේෂ හෙට ලංකාවට

පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂීය සහ මිලේච්ඡ අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ දේහයේ අවශේෂ ශ්‍රී ලංකා රජයේ වියදමින් හෙට  (6) මෙරටට ගෙන්වන බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අවශේෂ මෙරටට ගෙන්වන බවත් දියවඩන මහතාගේ ළඟම ඥාතීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී මෘත දේහයේ අවශේෂ බාරගැනීමට නියමිත බවත් එම නිවේදනයේ දැක්විණි.

මේ සම්බන්ධයෙන් කොළඹ විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“2021 දෙසැම්බර් 03 වැනි දින පාකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී මැර පිරිසක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයේ අවශේෂ 2021 දෙසැම්බර් 06 වැනි දින රාජ්‍ය වියදමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් මෙරටට ගෙන්වනු ලැබේ.

මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතීන් විසින් එම මෘත දේහයේ අවශේෂ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී භාරගැනීමට නියමිතය. විදේශ අමාත්‍යංශය විසින් මෙම ක්‍රියාවලිය සම්බන්ධීකරණය කරනු ලැබේ.  

ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යංශය වෙතින් විමර්ශන වාර්තාවක් ඉල්ලා ඇත.

විපතට පත්වූ පාර්ශ්වයට වන්දි ගෙවීම සඳහා, ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විදේශ අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණයෙන්, පාකිස්තාන බලධාරීන් සහ මියගිය පුද්ගලයාගේ සේවායෝජකයා සමඟ මේ වන විට සාකච්ඡාවල නිරතව සිටියි.”

(055)



අදහස් (0)

ප්‍රියන්ත කුමාරගේ සිරුරේ අවශේෂ හෙට ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 480 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 467 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site