( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමාට එරෙහිව රත්නපුර මහාධිකරණය නියම කළ මරණ දඬුවම අවලංගු කර , තමාව නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ අභියාචන පෙත්සම ලබන ජූනි 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය.
මෙම අභියචන පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැදවූ අතර එහිදී එදිනට පෙත්සම් විභාගයට දින නියම විණි.
පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයේ ලිඛිත දේශන මාර්තු 22 වැනිදා ද , නීතිපතිගේ ලිඛිත දේශන අප්‍රේල් 29 වැනිදා ද ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය නියම කළේය .
2015 වසරේ ජනවාරි මාසයේදී පැවති ජනාධිපතිවරණ සමයේදී රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතන කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ඉකුත් වසරේ ජූලි 31 වැනිදා ඒ මහතාට මරණ දඩුවම නියම කළේය.
එම දඩුවම අවලංගු කර තමාව නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා මෙම ප්‍රේමලාල් ජයසේකර මහතා මෙම අභියාචන පෙත්සම ගොනු කෙරිණි.
නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු ලෙස නම් කරනු ලැබ ඇත.
පෙත්සම්කාර අභියාචක වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලීන් ලද්දූවහෙට්ටි මහතා සමග බුද්ධික චන්ද්‍රසේකර, වජිර රණසිංහ සහ හෆීල් ෆාරිස් යන නීතීඥවරු පෙනී සිටියහ.
COMMENTS
ප්‍රේමලාල් ඔබ නඩුවෙන් නිදහස් වෙනවා කිරිගහට ඇන්නා වගේ කියනවා. දැන් අපේ රට ඉතා ස්වාධීනයි. මොකද පහුගිය කාලේ නඩු ඔක්කොම නිදහස් වුණා... ඔබටත් එසේ විය හැක.
ඕනේ ඔට්ටුවක්... මෙයා නිදහස් වෙනවා...
ඉක්මණින් එන්න එළියට.. මේ හොඳ කාලේ. බේරෙන්න කට්ටිය ඉන්නවනේ...
දුෂ්ඨයා පරාජය වී ප්‍රේමවන්තයා ජයගනී. බයවෙන්න දෙයක් නැහැ... අවසාන පරිච්ඡේදය එනකම් ඉන්න දෙයියෝ...
එල්ලුම් ගහ කපල දාමු. පලවෙනි දිනුම මෙයාට දෙමු. දෙවෙනි දිනුම කාටද කියල කියන්න අමාරුවක් නැතුව ඇතිනේ. 69 ලක්ෂයේ ප්‍රාර්ථනා සියල්ල හරියාගෙනයි එන්නේ. මාර වැඩක් ලංකාවට වුණේ...
අර රංජා වගේ බැනලා නම් තව කමක් නැහැ. ඉතින් මේ අයව නිදොස්කොට නිදහස් කරන්න.
අනේ පව් මේ අහිංසකයාව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස්කර අත්හැරලා දාන්න අනේ...
බිය නොවන්න... නිදහස අත ළඟ ඇත. 69 ලක්ෂයක අයට කෑමට තෘණබිම් අවශ්‍යව ඇත...