
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන වසර සඳහා(2022) අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප හිමි වන කාලය වසර දහයක් දක්වා වැඩි කිරිමටද මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව ලීටර් 5 කින් අඩු කිරීමටද යෝජනා කරන බව හෙතෙම සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් විශ්‍රාම යෑමේ වයස 65 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කරන බව ඔහු පැවසුවේය.
මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවෙනි අයවැය වන අතර බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත් වීමෙන් පසු ඉදිරිපත් කරනු ලැබූ ඔහුගේ මංගල අයවැයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම අදහස නම් හොඳයි. දුප්පතුන්ට ආච්චිගේ මැණික් මල්ලවත් නැතුව තරග කරන්න බැරිවේවිද?
අයවැය මගින් 2015-2019 අතර දේශපාලන පලිගැනීම් සඳහා සහන දෙනවා නම් 2015 ට පෙර පළිගැනීම් වලටත් වන්දි ගෙවිය යුතුයි. ඒ කාලයේ සිටි පාලකයින් විවිධ ආකාරයට පළිගැනීමේ නිරතව සිටී අතර වැටුප් විෂමතා ඇතිකරමින්ද පළිගැනීම් කළහ. වන්දි ගෙවීමේදී එකල ඇතිකළ විෂමතා ඉවත් නොකරන්නේ නම් අපරාධයකි...
ඔය කෝටි 850න් 10%ක් ගන්නවද?
දැන් මහලොකුවට කියන්න පුළුවන් ගිය ආණ්ඩුවෙන් ඒ මුදල් අවහිර කළ නිසා. අම්මලාට සොහොන් හදපු වගේම, සිල් රෙදි, ඇවන්ගාඩ්, සීනි, පොල්තෙල් හොරකම් වල සල්ලිත් අරගෙන පෙන්නන්න පුළුවන් නම්...
කෝටි 850ක්. කොහොමද ගහගත්තා නම්, කල්ල මරේනේ...!!!
රාජපක්ෂමේන්තුවෙන් යටිමඩි ගහපුවා මීට වැඩියි නේද? ඇයි ඒවා නැත්තේ?
නිරූපමාගේ බිලියන 800 රාජසන්තක කරන් නැද්ද?
එතකොට මල්වානේ ගෙදරට මොකක්ද කරන්නේ...? ඒකත් ගන්නවැයි...
නිරූපමා රාජපක්ෂ හොරකම් කළ සල්ලි අයකර ගන්නේ නැද්ද?
ඔන්න ඔහොමයි බැදුම්කර නාටකේ අවසන් වෙන්නේ. හරිද? මොල 7නොවේ. මොල ගෙනාපු නැවක්...
රාජ සන්තක කරන්න ඉස්සෙල්ලා ඒ මුදල හොයාගන්න ඕනේ නේද?
සාටක බ්‍රදර්ස් ඇන්ඩ් සන්ස්ලා ගාණකට වැඩේ දෙන්න වගේ යන්නේ... ඕනේ ඔට්ටුවක් අතයටින් වැඩිකොටසක් මේ අයට ගන්නයි මේ බයකරන්නේ.... බයියන්ට නම් මාර සතුටු ඇති...
කරුනාට කරපු එකේ අනිත් එක කරන්න ලෑස්තිවෙන්නේ.
මහජනතාවට සහන රැසක් දෙන ඉතා හොඳ රට සීඝ්‍රයෙන් දියුණුකළ හැකි හොඳ අයවැයක්...
ඒ කියන්නේ මහ බැංකු වංචාව බොරුවක්... ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි...!
ළමයෝ චීන සමාගමෙන් ඔහේගෙ නෝනට ආපු අර තඩි චෙක් එකේසල්ලි ටිකත් ගන්න. හැබැයි ඊට පස්සේ ගෙදර යන්න බැරි වෙයි... ඔහෙට. මේ රට උලාකෑවේ ඔහේගේ පරපුර කියන එක නම් දැන් මුලු රටම දන්නවා. ඉක්මණින් චුත වෙලා යන්න...
හොඳ පුවතක්...
එතකොට මැරියට් හෝටලේට මොකක්ද කරන්නේ...?
රාජ සන්තක කරනවා කියලා රජපක්ෂ සන්තක කරනවා එහෙම නෙවෙයි ඔන්න.
රාජසන්තක කරනවා නම් මුලින්ම පටන් ගන්න ඕනේ පවුල් රෑනේ අයගෙන්.... හෙල්පින්ග් හම්බන්තොට..., සිරිලිය, ඔය වගේ පවුලේ ගිණුම් තව කොච්චර ඇත්ද?
ආ එහෙමද ?එතකොට හෙල්පින් හම්බන්තොට,මල්වානේ ගෙදර ,කෝප් ,සිල් රෙදි .ඇවන් ගාර්ඩ් ,මැරියට් හෝටලය ලැයිස්තුව නම් දිගයි .ආහ් අර අම්මා තාත්තගේ කෞතුකාගාරයයි සොහොනයි හදපු සල්ලි .එතකොට ග්‍රීක බැඳුම්කර ,කබ්රාල් දාපු සෙල්ලම් .ඒවත් අල්ලනවද ?