සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පත් කර තිබේ.
විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥයා ලෙස කටයුතු කළේය.
වසර 15ක වැඩි කාලයක් කොළඹ වසංගත රෝග විද්‍යා ඒකකයේ කටයුතු කරමින් සිටින විශේෂඥයෙකි. ඔහු 2019 වසරේ නියෝජ්‍ය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ තනතුරට පත්විය.
මෙතෙක් එම තනතුරු කටයුතු කළ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිකන් හිසරදයට කොට්ටය මාරුකිරීමක් වගේ... සර්ගේ තවත් ගැසට් එකක්...
කට්ටිය මාරු කරනවා හිටු කියලා... අපිට හිතෙන්නේ ඔක්කොම ෆේල් වගේ...
ඇවිලෙන ගින්න තව වැඩි වෙයිද දන්නේ නැහැ...
ලොක්කා කොච්චර කලකටද ඔය තනතුර? හැබැයි ආණ්ඩුව කියන විදිහට බොරු කියන එක නවත්තලා ඇත්ත කියන දවස වෙනකම් විතරයි කියලා මතක තියා ගන්න. ඔබ හෙට ඇත්තම කිව්වොත් හැරෙන තැපෑලෙන් එළියේ.. නියම තනතුරු. හරියට පොඩි ළමයි සෙල්ලම් කරනවා වගේ ... පිස්සු හැදෙන සඳ..
කවුරු වුණත් කමක් නැහැ ... හැබැයි සුදුසුකම්, පලපුරුදුකම් තියෙන දේශපාලන ගැතිකම් නැති, දේශපාලන බලයට අවනත නොවී ස්වාධීනව වැඩකළ හැකි කෙනෙක් විය යුතුයි..