IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ප්‍රධාන අපරාධ සිද්ධීන් 6ක වාර්තා පොලිස්පති සීඅයිඩීයෙන් ඉල්ලයි

ඉන්දිකා රාමනායක

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ඝාතන සිද්ධීන් ඇතුළු ප‍්‍රධාන  විමර්ශන හයක  විමර්ශන ගොනු  මෙම මස 23 වැනි දිනට පෙර  තමන් වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පති  චන්දන වික‍්‍රමරත්න මහතා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු  පුද්ගලයින් 17 දෙනෙකු  ඝාතන කිරීම,  තරුණයින් 11 දෙනෙකු පැහැගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම  යන සිද්ධීන් වලට අදාළ  වාර්තා  මෙලෙස කැඳවා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  පැවසීය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා  පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු  පුද්ගලයින් 17 දෙනෙකු  ඝාතන කිරීම,  තරුණයින් 11 දෙනෙකු පැහැගෙන ගොස් අතුරුදන් කිරීම සිද්ධීන් පහ සම්බන්ධයෙන් විමර්ශන  ප‍්‍රමාදයකින් තොරව  අවසන් කර  විමර්ශන  උධෘත ගොනු තමන් වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් (15) වැනිදා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබිණි.

ඒ අනුව ඉහත  විමර්ශන පහ සහ  මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා  පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනය  සම්බන්ධයෙන් ද වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා කැඳවා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම වාර්තා පහත සදහන් කරුණු 11 ක් සම්බන්ධයෙන්  එක් එක් සිද්ධියට  අදාළව  වෙන වෙනම ගොනු සකස් කර  තමන් වෙත ලබා දෙන ලෙසට  පොලිස්පතිවරයා දැනුම් දී ඇත.



අදහස් (9)

ප්‍රධාන අපරාධ සිද්ධීන් 6ක වාර්තා පොලිස්පති සීඅයිඩීයෙන් ඉල්ලයි

ගල්කටස් Sunday, 18 August 2019 11:40 AM

ගෝඨාභය මහත්මයට දෙන්න හදන්නෙ වැඩේ..අවුරුදු 04 ක් අැදලා අැදලා දැන් තමා මතක් වෙලා තියෙන්නෙ. පව් එයාලගෙ නඩු හමාර කරන්නද හදන්නේ නැත්නම් බයිස්කෝප් එකක් පෙන්වන්නද හදන්නෙ? අවසානයේ කොතනක හො ඩොලර් ද ?

:       77       449

Chanak los angelesSunday, 18 August 2019 04:11 PM

මොකක්ද ප්‍රශ්නය ? අපරාධකාරයා දේශපාලකයෙක් නම් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ කියලා නීති පොතේ කොහේ හරි ලියවිලා තිබෙනවාද ?

:       0       28

TharinduSunday, 18 August 2019 04:37 PM

මිනීමැරුම් නඩු ‌කොයිවෙලේ ඇද්දත් ‌මොකද? ‌මොකෝ කාලේ ‌ගෙවුණයි කියලා මිනීමැරුම ‌වෙනස් ‌වෙනවයැ. වහල්ලුන්ට හැමදේම බයිස්කෝප් තමයි ඉතින්. තව ටිකක් කල් ඉවසමුකෝ කකුළුවා නටන්නේ හැළිය රත්වෙනකන් විතරයි කියනවනේ.

:       0       22

SamanSunday, 18 August 2019 11:56 PM

'කුම්බලා මාළු කෑවනම් විඳවපන් බළලෝ ' කිව්වලු ....

:       67       39

Prabha Sunday, 18 August 2019 01:31 PM

මේ වැඩ වලින් වෙන්නේ ගෝටාභයගේ ජයග්‍රහණය තහවුරු වෙන එක විතරයි. යහපාලනයට ජය වේවා

:       21       0

Ajantha Sunday, 18 August 2019 03:05 PM

අවුරුදු 4කට වඩා ගිහිල්ලා බැරි වුන දේ මාස 3න් කරයිද? තාම කරන්නේ මාධ්‍ය සංදර්ශන

:       0       6

ajith Sunday, 18 August 2019 04:22 PM

මෙන්න තවත් මැතිවරණ ප්‍රතිපලයක්

:       0       5

Gamarala Monday, 19 August 2019 01:51 AM

කොහොම හරි වැඩේ කරන්න බලමු නේද?

:       0       13

surath Monday, 19 August 2019 03:05 AM

ඡන්දයක් ළඟ ළඟම එනවාද ?

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 100 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site