IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


ප්‍රදේශ කිහිපයකට නියඟයෙන් පීඩා

(ඩයනා උදයංගනී)
 
 
දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
කෑගල්ල සහ පුත්තලම දිස්ත‍්‍රික්කයන්ට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර එය නියං තත්ත්වය හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයන්හි පවුල් 611 කට අයත් 2,392ක පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
 
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ගලිගමුව, දැරණියගල, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ රුවන්වැල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට බලපා ඇති මෙම නියං තත්ත්වයෙන් පවුල් 372කට අයත් 1519 දෙනෙක්, පුත්තලම දිස්ත‍්‍රික්කයේ දංකොටුව සහ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පවුල් 239කට අයත් 873 දෙනෙක් මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
          
ඊට අමතරව පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සිදුවූ අතුණු ගැසීම් හා දැඩි සුළං හේතුවෙන් නිවාස දෙකකට හානි වී පවුල් දෙකකට අයත් අට දෙනෙක්  පීඩාවට පත්ව සිටින බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
           
වියළි කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාව වෙත ජල බවුසර් හා ටැංකි යොදාගෙන ජලය සැපයීමේ කටයුතු සිදුකරන බව ද ඔහු කීය.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසුවේ ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්හි වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි.
          
රත්නපුර, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත‍්‍රික්කයන්හි ස්ථාන කිහිපයක පමණක් සවස 2.00න් පසු වැසි ඇතිවනු ඇතැයිද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය. 
 



අදහස් (2)

ප්‍රදේශ කිහිපයකට නියඟයෙන් පීඩා

lanka Monday, 18 February 2019 11:54 AM

අපේ දේශපාලකයින්ට දැන් ඕවා දැවෙන ප්‍රශ්න නොවේ. අද ඒ අයට ඇති දරුණුම ප්‍රශ්නය නම් ලබන මැතිවරණයට සන්ධානයක් සාදාගන්නේ කොහොමද කියායි.

:       0       3

Bamunuarachchi Wednesday, 20 February 2019 05:50 AM

මෙයා හිතන්නේ මොනවාද කියා දැන ගැනීමට මේ මනුස්සයාගේ හිතට ඇතුල් වීමට උවමනා නැත . විශාල දුකක් ඇතිවෙනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
2024 පෙබරවාරි මස 25 387 0

සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල පොලිසියට බාරදෙනු ලැබ ඇත.


ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්
2024 පෙබරවාරි මස 25 555 0

මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.


සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා
2024 පෙබරවාරි මස 25 923 0

සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්බුදකාරී තත්වයක් පැන නැගී ඇතැයි හෝටල්


කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්
2024 පෙබරවාරි මස 25 408 0

මීගමුව ලෙල්ලම මත්ස්‍ය ව්‍යාපාරික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සමිතියේ සාමාජිකයන් පිරිසක් කොළඹ අගරදගු


රුධිර කාන්දුකරන ඒකකයේ ලෙඩුන් වෙනත් රෝහල්වලට
2024 පෙබරවාරි මස 25 102 0

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ දී රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමේ සිද්ධියෙන් පසුව එහි අනෙකුත් රෝගීහු වෙනත් රෝහල් කීපය


කුරුණෑගල දරුවන් අපයෝජනය කළ ගුරා මාරු
2024 පෙබරවාරි මස 25 570 0

කුරුණෑගල මිශ්‍ර පාසලක ගුරුවරයකු එහි හය වසරේ සිසුවියන් පිරිසක අ⁣පයෝජනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවැත්වූ විමර්ශනය


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 257 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 287 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site