(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති තද සුළං සහිත කාලගුණ තත්වය හෙට (12) දහවල තෙක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල සහ බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
පුත්තලම සිට කොළඹ, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් තද සුළං ඇතිවන බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු වන බව එම නිවේදනයේ දැක්වේ.
එබැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල නිරතවීම අවදානම් බවත්, ඒ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ අනාවැකි මැදිරිය නිරන්තරයෙන් දැනුවත් කරන බවත් එහි සඳහන්ය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රදේශ කීපයකට තද සුළං තත්ත්වයක්