IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රාදේශීය සභාවට එරෙහිව ගම්වැසියෝ එළියට බසිති

(එම් .සුසිල් ප්‍රියන්ත)

බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් සිය ගම්මානයට බැහැර කරනු ලබන කැළි කසළවලින් තමන්ගේ සෙඛ්‍යයට බලවත් තරජනයක් වී ඇතැයි කියමින් ඇදිරිනීතියද නොතකා බලපිටිය ගිනිගල්ගොඩ ප්‍රදේශවාසීන් අද (15 ) පස්වරුවේදී නිවෙස්වලින් එලියට බැලීමත් සමගම ගම්මානයේ දැඩි උණුසුම් වාතාවරණයක් ඇතිවිය.

මේ තත්වය පාලනය කිරීමට අහුන්ගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එම ස්ථානයට පැමිණිමටද සිදුවිය.

සිය ගම්මනයේ ඉඩමකට බලපිටිය ප්‍රාදේශීය සභාවෙන් දිනපතාම එකතුකරන කැළි කසළවලින් හමන දුර්ගන්ධයෙන් තමන්ට නිවෙස්වල සිටීමට බැරි බව පවසමින් ගම්වාසීහු ඇදිරිනීතියද නොතකා සිය නිවෙස්වලින් බැහැරව පාරට බැස්සෝය .

මේ සමගම බලපිටිය ගිනිගල්ගොඩ ගිනියම්වීමට ගතවූයේ නිමේෂයකි. මේ ගද උසුලා මියයනවාට වඩා කොරෝනා වැලදීමෙන් මිය යන එක හොදයි කියමින් මේ ගම්වාසීහු පාරට බැස්සේ කොරෝනා නීතිය ගැනද නොතකමින්‍ ය.

මේ තත්වය පාලනය කිරීමට අහුන්ගල්ල පොලීසිය නොපමිණියේ නම් තත්වය තවත් බැරැරුම්වීම නොවැළැක්විය හැකිය .

මේ සදහා බලපිටිය ප්‍රාදේශීය සභාවේ අවධානය යොමුකිරීමට අහුන්ගල්ල පොලීසිය කටයුතු කරන බව දැන්වීමෙන් පසු ජනතාව යළිත් සුපුරුදු පරිදි ඇදිරිනීතිය රැකීමට යළි නිවෙස් කරා ගියහ.

බලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එන් .සමන් ද සිල්වා මහතාගෙන් මේ පිලිබදව විමසූවිට ඔහු කීවේ මේ පිලිබදව හෙට උදේම (16 )සොයා බලා ඊට විසදුමක් ලබාදීමට කටයුතු කරන බවයි.



අදහස් (0)

ප්‍රාදේශීය සභාවට එරෙහිව ගම්වැසියෝ එළියට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site