IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


ප්‍රතිසංස්කරණය කෙරුණු එයිටි ක්ලබ් විවෘත වෙයි

(ඩයනා උදයංගනී)

නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රියේ දී විවෘත කෙරිණි.

පරිශ්‍ර භූමියේ විදුලි ආලෝකය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා අනතුරුව එහි සමරු ඵලකය නිරාවරණය කළේය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අනතුරුව එහි විශේෂ අමුත්තන්ගේ පොතෙහි අත්සනක් ද තැබුවේය.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නනායක්කාර මහතා මෙහි දී එයිටි ක්ලබ් තොරතුරු පත්‍රිකාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

එයිටි ක්ලබ් ගොඩනැගිල්ල, නාගරික සංවර්ධන අධිකාරිය යටතට 2020 නොවැම්බර් මාසයේ දී පවරාගැනීමෙන් අනතුරුව එහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එම ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම් කටයුතු භාරව කටයුතු කළේය.

මහනුවර ක්වීන්ස් හෝටලයේ අංක 80 කාමරයේ දී සාමාජිකයන් කිහිප දෙනෙකු පැවැත්වූ පළමු රැස්වීමෙන් පසු ආරම්භ කිරීම හේතුවෙන් මෙම සමාජය “එයිටි ක්ලබ්” ලෙස හැඳින්වේ.

පසුකලෙක එය කොළඹ 07, නිදහස් මාවතේ ස්ථාපිත කර ඇත.

1971 කැරැල්ල හේතුවෙන් එවකට රජය මෙම භූමිය ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා දුන් අතර 1978 රජය යටතේ ‘එයිටි ක්ලබ්’ සඳහා නැවත අවසර ලැබිණි.

නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා තුරුම එහි නඩත්තු කටයුතු සිදුකෙරුණේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ අනුව එයිටි ක්ලබ් සඳහා වර්තමානයේ අලංකාරවත් නිමාවක් ලැබී ඇත.

මෙහි පහසුකම් තවත් වැඩි දියුණු කරමින් ආගන්තුක සත්කාරයෙන් අනූන ‘වෝටර්ස් එජ්’ තරු පංතියේ හෝටල් අත්දැකීමක් එයිටි ක්ලබ් ඔස්සේ ලබා දීම රජයේ සැළසුම වී තිබේ.



අදහස් (3)

ප්‍රතිසංස්කරණය කෙරුණු එයිටි ක්ලබ් විවෘත වෙයි

NIHAL Friday, 22 October 2021 05:23 PM

ලස්සනයි..! නාවුක හමුදාවට ගොඩබිමේත් වැඩ පුළුවන් නේද?

:       5       19

Chamuditha Friday, 22 October 2021 07:21 PM

මේ වෙලාවේ රටට අවශ්‍යම තැනක්...

:       8       21

Royfedricks Saturday, 23 October 2021 03:50 AM

ඔව් ඔව්... ඔව්වා තමයි ඉක්මණින්ම කළයුතු වැදගත් කාර්යයන්. කන්න බොන්න නැත්තේ අමාරුකම් තියෙන්නේ වැඩකට නැති දුප්පතුන්ටනේ... කොමිස් ගහලා හොරා කාලා, මිනී මරලා සල්ලි හම්බ කරපු පාදඩ ධනවතුන්ට විනෝද වෙන්න අනිවාර්යෙන්ම සමාජ ශාලා හදන්න ඕනනේ. එක්කෝ කිසිම වරදක් නැහැ. මතක ඇතුව හොඳ අකුණු සන්නායකයක් හයි කරන්න. මේ වැහි කාලේ හෙන ගහනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1220 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1199 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site