
( රොමේෂ් මධුෂංඛ)
යාපනය ඉලවාලෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැරණි කඩු 4 ක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවට ඉලවාලෙයි පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා නිවසේ සිට පැරණි කඩු 4 ක් විකිණීමට ගත් උත්සහයකදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් පැරණි කඩු 4 ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කඩු අවසරයකින් තොරව ලඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු හා කඩු ඉලවාලෙයි පොලීසියට භාර දීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගත් අතර ඉලවාලෙයි පොලීසිය වැඩිදුරු පරික්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd