(කාංචන කුමාර ආරියදාස)
හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි බව පැවසෙන ඉපැරණි නවාතැන්පොළ සංචාරක නිකේතනයක් ලෙස නම්කර දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සෙනරත් පරණවිතාරණ ශූරීන් වසර ගණනාවක් රැඳී සිටී ඉපැරණි නිවාසයේ කාමරවල මෙන්ම ඔහු භාවිත කළ ඇඳ, පුටු, මේස, ආදී භාණ්ඩ ද ඕනෑම සංචාරකයෙකුට පරිහරණය කිරීමේ අවස්ථාව ද ලබාදී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සීගිරි පව්ව ඉදිරිපිට ඉතා මනරම් ස්ථානයක පොල් අතුවලින් සෙවිලි කරන ලද කටුමැටි ගැසූ සංචාරක නිකේතනය සෙනරත් පරණවිතාරණ ශූරීන් වසර 25කට පමණ වැඩි කාලයක් මෙහි රැඳී සිටි ස්ථානය ලෙස සැළකේ.
සීගිරි කලාප භාර පුරාවිද්‍යා නිලධාරි ජී. ප්‍රේම් මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ කොළඹ පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලයෙන් ඕනෑම දෙස් විදෙස් සංචාරකයකුට මෙම නිවාඩු නිකේතනය මුදල් ගෙවා වෙන් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බවය. මෙම සෙනරත් පරණවිතාරණ මහතා සිටි නවාතැන්පලේ තිබුණු පැරණි භාණ්ඩ රැසක් මේවනවිට කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. ඉතිරිව ඇති මේස පුටු ඇඳන් ආදී භාණ්ඩ සංචාරකයන්ගේ භාවිතය සඳහා යොදාගත හැකි බව ඔහු පැවසීය.
සීගිරිය නැරඹීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එක් විදේශිකයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අයකෙරේ. සෙනරත් පරණවිතාන ශූරීන් නවාතැන්ගෙන සිටි ඉපැරණි නිවසේ කාමරයක රැඳී සිටීම සඳහා රුපියල් 400ක පමණ ආසන්න මුදලක් දිනකට ලබාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.






2025 දෙසැම්බර් මස 04
273
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
407
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පරණවිතාන ශූරීන්ගේ නිවස සංචාරක නිකේතනයක් වෙයි
Chandima Tuesday, 05 March 2019 06:46 AM
අනේ ඉතින් එහෙම හැමෝටම නවතින්න එතුමාගේ කාමරයේ නිදාගන්න දුන්නහම ඕව තව කි දවසක් ඉතුරුවෙලා තියේවිද? සමහරු ඒවායේ තියෙන වටින බඩුත් පිල්ලි ගහගෙන මාරුවෙවී.
මංජුල බිරැට් Tuesday, 05 March 2019 07:26 AM
මම හිතෙන්නෙ 5000 කියන්නෙ ලොකු මුදලක් ලංකාවට එන හැම සංචාරයකයෙක්ම කොටි පතියෝ නෙමෙයි අඩුම ගානේ ෙම මුදලට සරිලන විදියට සංචාරක මග පෙන්නන්නෙක් වත් ලබා දෙනවද?
කල්පනා Tuesday, 05 March 2019 07:51 AM
පරණවිතාන ශූරීන්ගේ ඇඳපුටු වෙන් කෙනෙකුට පරිහරනයටදීම ඒවායේ විනාසය ළඟාකිරීමකි. ජාතියේ නාමයෙන් එය වහාම නවතන්න සංචාරක මගපෙන්වන්නන් ගැන කීමේදී අප්‍රිකාවේ සමහර ගෝත්‍රිකයින් මෙන් ඉතා අසෝබනව සිටින පිරිස් නිසා රටේ සභ්‍යත්වයත් කෙලෙසෙන බවක් පේනවා. එනිසා මගපෙන්වන්නන් දේශයට සුදුසුසේ හැඩගස්සන්නත් පුහුණුකරන්නත් කටයුතු කරන්න
Janaka Tuesday, 05 March 2019 09:12 AM
මේක ගැන නම් කියලා වැඩක් නැහැ. මම ඉන්නේ යුරෝපයේ. මගෙත් එක්කම මෙහෙ වැඩකරන සුදුහම තියෙන යුරෝපීය යාළුවො දෙන්නෙක් (ඒගොල්ලන්ගේ පෙම්වතියන් සමග 4 දෙනයි ) ගිය අවුරුද්දෙ ලංකාව ගැන මගේ වර්ණනාව නිසාම මගේ කීමටම ලංකාවට අරගෙන ගියා නිවාඩුවට. අපි සුමාන 3ක් ලංකාවේ හිටියා. සීගිරියට ගියා. ටිකට් ගන්න කිව්වා. මගේ කළු හම සහ ලංකාවේ නිසා මගේ ටිකට් එක රුපියල් 90 යි. ඒගොල්ලෝ එක්කෙනෙකුට රුපියල් 5575 යි. හතර දෙනාට රුපියල් 22,300. යි. ඒගොල්ලෝ මගෙන් ඇයි එච්චර ගණන් කියලා අහපුවම මට උත්තර දී ගන්න බැරුව පුදුම ලැජ්ජාවක් ඇති වුනා. මම සමාව ඉල්ලුවා. අන්තිම අසාධාරණයි. රුපියල් 1000 ක් වගේ නම් කමක් නැහැ. ඒ අයට හම්බවෙන්නෙත් මගේ පඩියමයි. ලොකු සල්ලිකාරයොත් නෙමෙයි. මෙවැනි මෝඩ තීරණ ගන්නා නිලධාරීන් කෙරෙහි සහ වහාම මිල පහත හෙලීම සදහා ජනාධිපතිතුමාගේ අවදානය යොමුවේවා.
Sameera Tuesday, 05 March 2019 09:27 AM
සීගිරිය නැරඹීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් එක් විදේශිකයෙකුගෙන් රුපියල් 5,000ක මුදලක් අයකෙරේ. සෙනරත් පරණවිතාන ශූරීන් නවාතැන්ගෙන සිටි ඉපැරණි නිවසේ කාමරයක රැඳී සිටීම සඳහා රුපියල් 400ක පමණ ආසන්න මුදලක් දිනකට ලබාගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. රුපියල් 400.ක් , අම්මෝ වැඩි නැද්ද.. ? පිස්සුද මේ මිනිස්සුන්ට මේ වගේ දෙයක් මේ වගේ අඩු මිලකට
sirimal Tuesday, 05 March 2019 09:58 AM
මේක නම් හරිම මෝඩ වැඩක්. දැනට සංචාරකයින් සඳහා දැක බලා ගන්නට විවෘර්ත කර ඇති ශේක්ස්පියර් හිටපු ගෙදර මේ වගේ කුළියට දෙයි කියල මේ කට්ටිය හිතවද?
prabha Tuesday, 05 March 2019 11:01 AM
ජනක ඔබ හරි. යුරෝපයේ මිනිස්සුත් ගන්නේ අපි ගන්න පඩියම තමා. ඒ වගේම ඕනෑම තැනක අය කරන්නෙත් මේ රටවල පුරවැසියන්ගෙන් අය කරන මිලම තමා. මේ වෙනස නැතිකරොත් හරි අවම කලොත් අපේ රටේ සංචාරක ව්‍යාපාරය මීට වඩා හොද වේවි
chandima Tuesday, 05 March 2019 01:20 PM
වෙන රටවල් වලනම් ඔය වගේ තැන් කෞතුකාගාර කරනවා. එහෙ එහෙම උනාට මෙහෙ මෙහෙමයි.