IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්


 
( තිළිණි ද සිල්වා)
 
 
උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් ලබාදීම අගය කරන බව යුරෝපා සංගමය අද (17) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.


යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නේවාසික තානාපතිවරුන්ගේ සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයාගේ  එකඟතාව මත යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය එක්ව මෙම නිවේදනය නිකුත් කර ඇත.


 එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.


‘‘උද්ගත වූ දේශපාලන අර්බුදයට ව්‍යවස්ථානුකූල මෙන්ම සාමකාමී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුමක් ලබාදීම, ශ්‍රී ලංකාව සමඟ ස්ථිර මිත‍්‍රත්වයන් තහවුරු කරමින් අගය කරනු ලබන බවට යුරෝපා සංගමය ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.


තවද, ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතනයන් පෙර පරිදිම පවත්වා ගෙන යෑම  පිළිබඳව යුරෝපා සංගමය ප‍්‍රසංශා කරන අතර ජාතික ප‍්‍රතිසන්ධානය උදෙසා සහ සියලූ සුබ සාධනයන් කෙරෙහි කරනු ලබන ප‍්‍රයත්නයන් සඳහා තවදුරටත් සහාය ලබා දීමට කැමැත්ත පළ කර සිටිමු.



අදහස් (6)

ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් ලබාදීම ගැන යුරෝපා සංගමයෙන් නිවේදනයක්

Sanka Monday, 17 December 2018 09:23 AM

ලොවම දිනන්න නම් අපි නීතිගරුකව සහ ප්‍රජාතන්ත්‍රවාදීව වැඩකළ යුතුයි. දැන්වත් මෙය පාඩමකට ගෙන රටක් එක්ක සෙල්ලම් නොකර රට ඉදිරියට ගෙනියන්න දේශපාලකයින්ට මොලය පෑදේවා...

:       1619       560

ගල්කටස් Monday, 17 December 2018 09:29 AM

අපි නොදන්න පුජාතන්තුුවාදය ඔයාලට ඔන කෙනා දිනෙව්වා.!

:       1159       4005

Bandara Monday, 17 December 2018 10:03 AM

මින් ඉදිරියට රූකඩ සංදර්ශන බලාපොරොත්තු වන්න.

:       209       3043

Sankapala Monday, 17 December 2018 10:23 AM

ලොව දිනාගෙන වැඩක්ද තමන්ට දෙපයින් නැගිටින්න ශක්තියක් නැතුව..! යුරෝපීය රටවල් කොහොමත් කැමති සදාකාලික ණය ගැති ආර්ථික, දේශපාලන ස්ථාවරත්වයක් නැතිව ඔවුන් කියනා දෙය ක්‍රියාත්මක කරන ආණ්ඩුවලට. ඇත්තටම අපේ අය වැය ලේඛණය පවා හදන්නේ IF ඇතුළු ඇමරිකා, යුරෝපා රටවල් එකතුවෙන්... අපේ ආණ්ඩු කරන්නේ ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරලා ක්‍රියාත්මක කිරීම පමණයි. එයට හොඳම උදාහරණය හිටපු මුදල් ඇමති මංගල සමරවීරගේ අයවැය ලේඛණය සහ තෙල් මිල සූත්‍රය... ඒ වගේම අපේ රටේ පුරවැසියා දේශපාලන වහල් බවින් මිදී නිවැරදි ස්වාධීන දේශපාලන දැක්මක් ඇති කර නොගතහොත් ඔබේම දේශපාලන පක්ෂයේ මහජන නියෝජිතයින් ඔබේම මුදල් සොරකම් කිරීම රැවටීමට ලක් කිරීම හා ඔබව තවතවත් බදුබරින් පාගා දැමීම සිදු කරනු ඇත. මිනිසුනේ... වහල් බවින් මිදියල්ලා... නිවැරදි පුද්ගලයින් පාර්ලිමේන්තුවට පත්කර යැවීමට ඔබ අසමත් නම් අවුරුදු 5ක් ඊට වන්දි ලෙස දේශපාලුවන්ට ශාප කරමින් ඒ කරුමය ගෙවාපල්ලා...

:       722       1315

චාමර Monday, 17 December 2018 07:55 PM

හැමදාම අපේ රටවල් විනාශ කරේ මේ ඊනියා බටහිර රටවල් හතරයි. අපිට කවදා ඇස් පෑදේවිද?

:       0       0

Prof. Edward Perera Monday, 17 December 2018 11:28 PM

බටහිර රටවල් නොදියුණු හෝ දියුණු වෙමින් පවතිනා රටවලට සමාජ, ආර්ථික හා දේශපාලන වශයෙන් ඇඟිලි ගැසීමට හේතුවන කරුණු කාරනා රාශියක් තිබෙනවා. ඊනියා තුන්වන ලෝකයේ රටවල සෘජුව හෝ වක්‍රව බටහිර රටවල් සමග සම්බන්ධ කම් පවත්වන දේශපාලන පක්ෂ හා ආගමික කණ්ඩායම් තිබෙනවා . වක්‍රව කටයුතු කරන කණ්ඩායම් රාජ්‍ය නොවන සංවිධාන (NGO ) හරහා තමන්ගේ අවශ්‍ය තාවයන් ඉටුකර ගන්නවා, සෝවියට් දේශය පැවති කාලයේ නොදියුණු රටවල හා දියුණු වෙමින් පැවති ආණ්ඩු හා සංවිධාන සෝවියට් දේශයෙන් මුල්‍යම හා න්‍යායිකව ආධාර ලබා ගත්තා. මේ ඇඟිලි ගැසීම කුමන කඳවුරකින් සිදුවුවත් මේකියන රටවල දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීමට එය සෘජුවම හේතුවක් වෙනවා. බටහිර රටවල් ප්‍රජාතන්ත්‍ර වාදය හා මානව අයිතිවාසිකම් ඉදිරියට දමාගෙන මේ ඇඟිලි ගැහීම සාධාරණීකරණය කරන අතර අනෙක් කණ්ඩායම් මේ රටවල ඇති ස්වභාවික සම්පත් හා වෙළඳ පොළ වෙනුවෙන් විමුක්ති දායකයන් ලෙස ඉදිරිපත් වෙනවා. කොයි පැත්තෙන් බැලුවත් මෙය රැවටිල්ලක්ම බව පැහැදිලි වුනත් ජාත්‍යන්තර වශයෙන් පිල්බෙදී සිටින ස්වදේශික දේශපාලන කණ්ඩායම් මේ තත්වය විෂය බද්ධව තේරුම් ගැනීමට තම රටවල ජනතාවට ඉඩ තබන්නේ නැහැ.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 154 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site