IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සිවිල් සංවිධානත්

(අංජුල මහික වීරරත්න)

 
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් අරඹන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා මෙරට සිවිල් සංවිධාන සෘජුවම සම්බන්ධ කරගැනීමට තීරණය වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් මෙම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම රැස් වූ අවස්ථාවේදීය.

2015 වසරේදී බල ගැන්වුණු යහපාලන ක්‍රියාදාමයට දායක වූ සියලු සිවිල් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ද එක්කර ගැනීමට එහිදී තීරණය විය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මේ වන විටත් එක්ව සිටී.

ඊට අමතරව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා නායකත්වය දරණ නව සමසමාජ පක්ෂය වැනි දේශපාලන සංවිධාන ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට එක්කර ගැනීමේ අවශ්‍යතාවය ඉහත සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ දස දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයකින් ක්‍රියාත්මක වන අතර නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිතය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සිවිල් සංවිධාන එක්කර ගැනීමට අදාළ සාකච්ඡාව අද (7) සවස පැවැත්වීමට නියමිතය.



අදහස් (5)

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සිවිල් සංවිධානත්

sirimal Monday, 07 January 2019 09:31 AM

එක්කර ගන්න දෙයක් නැහැනේ... වහෙන් ඔරෝ මොකටද? ඔය කියන සංවිධාන සේරම එක්සත් ජාතික පක්ෂය දිනවන්න කටයුතු කරන ඒවානේ...

:       55       36

BamunuarachchiMonday, 07 January 2019 02:24 PM

කොච්චර පෙරමුණු හැදුවත් ජනතාව අමුතුවෙන් එජාපෙට එකතු වෙන්න තරම් දෙයක් එජාපෙ රටට කරලා නැහැනේ. ජනතාවට එජාපෙ එපාවෙන්න දේවල් එජාපෙ රටට කරලා තිබෙනවා. මට එජාපෙට හැරෙන්න දෙයක් එජාපෙ රටට කරලා තිබෙනවා නම් එජාපයෙක් කියන්න බලන්න.

:       1       0

nihal Monday, 07 January 2019 11:15 AM

ඔය පාර රොටිය පුච්චගන්න ලිප පත්තු කරන්නේ කවුද????????

:       0       0

Sumith Monday, 07 January 2019 01:45 PM

ගම් පෙරළියේ පැණි බේරෙනවා. මොන අය සෙට් වුණත් ජනතාවට හුළං..

:       0       0

Bamunuarachchi Monday, 07 January 2019 02:27 PM

ඔය පෙරමුණට ජෙප්පොත් ඉන්නවාද? අනේ ජෙප්පෝ කලිසම් ඇඳගෙනද ඉන්නේ? 1971 - 1989 අන්නඩු පෙරලන්න විප්ලව කරලා රට අගාධයට දාලා දැන් ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවනේ අම්මපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 237 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 586 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site