IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රචාරක පුවරු - ප්‍රචාරණ කාර්යාල වසා දමන්නැයි ජනපතිගෙන් උපදෙස්

(ඉන්දිකා රාමනායක සහ නාලක සංජීව දහනායක)

තම ජයග්‍රහණයට සුබ පතමින් දිවයිනපුරා ප්‍රදර්ශනය කර ඇති සියලුම ප්‍රචාරක පුවරු ඉවත්කරන ලෙසට හා මැතිවරණ සමයේදී විවෘතව තැබුණු ප්‍රචාරණ කාර්යාල වසාදමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (21)  වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

පොලිස්පතිවරයා මෙම නියෝගය සම්බන්ධයෙන් අද දිනයේදීම සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් හා උසස් නිලධාරීන් දැනුවත් කර ඇත.

එමෙන්ම දැන්වීම් පුවරු හා මැතිවරණ ප්‍රචාරණ කාර්යාල ඇති ස්ථාන හඳුනා ගැනීමට බුද්ධි අංශ නිලධාරීන්ගේ සහයද ලබාගැනීමට කටයුතු කරන බවද වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.

ඒ අනුව පොලිසිය හා දේශපාලන ආධාරකරුවන් එක්වී අද දිනයේදී දැන්වීම් පුවරු ඉවත් කිරීම් හා මැතිවරණ ප්‍රචාරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පරිසර හිතකාමීව තමන් ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකධූරයට පත්වූ දිනයේදීම ප්‍රකාශ කළහ.

 



අදහස් (3)

ප්‍රචාරක පුවරු - ප්‍රචාරණ කාර්යාල වසා දමන්නැයි ජනපතිගෙන් උපදෙස්

thushara Thursday, 21 November 2019 05:34 PM

ආඩම්බරයි ඔබ අපේ ජනපති වීම ගැන. බුද්ධිමත් නායකයෙක් අපේ රටට ලැබුන පලමු අවස්ථාව. විශ්වාසයි ඔබ අපේ රට ඉහලට ඔසවා තබනවා.

:       1       254

sirimal Thursday, 21 November 2019 06:56 PM

ලංගම බස්වල හතරවටේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත්, ඒ ඒ පලාත්වල පොහොට්ටුවේ දේශපාලඥයින්ගේත් පින්තුර අලවාගෙන යන එකත් ඔය එක්කම නවතුවේ නැත්නම් බැනුම් අහන්න වෙන්නේ ඔබ දෙපලටයි.

:       0       254

Bule Friday, 22 November 2019 04:51 AM

ආදර්ශමත් නායකයෙක්....

:       5       314

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site