
(මාතලේ මහේෂ් කිර්තිරත්න)
මාතලේ ගම්මඩුව මාර්ගය වහා ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ඉල්ලා ගම්මාන රැසක ජනතාව අද (25) උද්ඝෝෂණයක නිරත වූහ.
වසර ගණනාවක් තිස්සේ මෙම මාර්ගය කාපට් යොදා ප්‍රතිසංස්කරණය කරන බවත් විටින් විට ගල්, වැලි ඇතුලු අමුද්‍රව්‍ය ගෙනවිත් දමන බවත් පසුව එය මාර්ගය නොහදා නැවත වෙනත් ප්‍රදේශ වලට රැගෙන යන බවද මෙහීදි උද්ඝෝෂකයෝ පැවසුහ.
ප්‍රදේශයේ ගොවින් වගා කරන එළවලු ඇතුලු බෝගද නගරයේ වෙළදැසල් සදහා රැගෙන එනු ලබන්නේද මෙම මාර්ගයෙන් වන අතර මේ නිසා ගොවිහුද අපහසුතාවයට පත්ව සිටිති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.