(සුජිත් හේවාජුලිගේ)
මරණීය දණ්ඩනය නියමව සිටින සිරකරුවන් 260 දෙනෙකුට ආසන්න පිරිසකගේ එම දඬුවම ඉතාම ඉක්මනින් ජීවිතාන්තය දක්වා අඩු කිරීමට කටයුතු යොදා ඇතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය.
මේ සම්බන්ධයෙන් අධිකරණ ඇමතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මරණීය දණ්ඩනය නියමවී වසර දහයකට වැඩි කාලයක් බන්ධනාගාරවල සිටින සිරකරුවන් 260 දෙනෙකු වෙනුවෙන් මෙලෙස දඩුවම් ලිහිල් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීහු බලාපොරොත්තු වෙති.
බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මේදිනවල දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට විවිධ අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවී බන්ධනාගාරවල සිටින සිරකරුවන් සංඛ්‍යාව පන් සියයකට අධිකය.
මේ අතර පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සිරකරුවෝ 94 දෙනෙක් ජනාධිපති පොදු සමාව යටතේ පෙරේදා(24)නිදහස් කරනු ලැබූහ.

COMMENTS
ඒක රටක් එක නීතියක් ජයවේවා!
එකරටක් එක නීතියක්
මොකකද ඒ් කියන්නේ ලංකාවේ මරණ දඩුවම නෑනේ
මේ ඇමැතිත් බොරු චණ්ඩියෙක්. අතින් පයින් බැහැ. හැබැයි ඈත ඉඳලා පිස්තෝලෙන් පුළුවන්. මිනිහා ආමි එකේ කට්ටියත් එක්ක එකතුවෙලා උඩුතලවින්න පැත්තේ මුස්ලිම් මිනිස්සු වගයක් මැරුවා කියලා සාක්ෂි සහිතව චෝදනා ආවා. ටික දවසක් ජම්පර් එක අන්දලා තියලා ඒ කාලේ රටේ ලොක්කි අක්කාගෙන් සපෝර්ට් එකක් අරගෙන කොහොම හරි එල්ලුම් ගහෙන් බේරුණා... දෛවය කියන්නේ අද මිනිහා හිරගෙදර බාර ඇමැති. මේ රට මහපුදුම රටක්...
මෙහෙම කථා කරන්න මෙයා කවුද කියලා රටටම අමතක වෙලා නැහැ කියලා මම හිතනවා.
මොළයක් නැති අය රට කරවන කොට වෙන විපාක තමයි.