
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම මූලික කරගෙන පැය 3 ක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා විවිධ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි පුද්ගලයන් 112 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
එම සෝදිසි මෙහෙයුමේ දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 100 ක් ගංජා ග්‍රෑම් 235 ක් පොලිස් බාරයට ගෙන ඇත.
මෙම මෙහෙයුම සදහා කොළඹ උතුර කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරීන් 125 ක් සහභාගී වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd