
(සුමිත් ප්‍රේමතිලක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පයාගල නාගහදූව ප්‍රදේශයේ ගොඩනැගිල ද්‍රව්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිහලක ඇති වූ ගින්නකින් එම වෙළෙඳහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
ගොඩනැගිල ද්‍රව්‍ය, ගෑස් අලෙවි කරන එම වෙළෙඳහලේ හිමිකරු ගින්නෙන් තුවාල ලබා රෝහලට ගත කර ඇත. කෙසේ වුවද මෙම ගෑස් ගබඩාවේ සියලු ගෑස් ටැංකි හිස් ටැංකි බව ද පොලිසිය පවසයි.
ගින්න හටගන්නවාත් සමග එහි තිබූ හිස් ගෑස් සිලින්ඩර් ඉන් ඉවත් කර ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නෙැමැති බව පොලිසිය කියයි.
මේ වන විට කළුතර ගිනි නිවන රථ ගින්න පාලනය කරමින් සිටියි.

COMMENTS