(ඉන්දිකා රාමනායක)
ගල්කිස්ස ප්‍රදේශයේ මෝටර් රථයක සිටි පෙම් යුවලක් බිය ගන්වා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටිමට නම් රුපියල් 30,000ක් බලෙන් ලබාගත් ගල්කිස්ස පොලිසියේ කොස්තාපල්වරයකු කොළඔ දකුණ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ රාත්‍රියේ (04) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා රුපියල් 100000ක මුදල් ඉල්ලීමෙන් පසු ඔවුන් මෙම මුදල ලබාදී ඇති බව පොලිසිය කියයි
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.
රාත්‍රී ජංගම රාජකාරි කරන අතරතුර මෙම පෙම්යුවල බියගන්වා කප්පම් ඉල්ලා අැති බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවෙනි පුද්ගලයන් පොලීසියේන් නෙරපා හරින්න ඔන.
තම නිල ඇදුමටද නිගා කරන මෙවන් පොලිස් සුනකයන්ට උපරිම දඩුවම් ලබාදෙනු ඇතැයි අප ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙමු. කරුණාකර මෙවන් බුරුවන් කුඩුකිරිම වඩාත් වැදගත් නොවන්නේද ?
නීතිය මරා අවනීතිය රජ කරවන පොලිස් රාලහාමි...
රාළහාමි මං පොලිසියේ රාළහාමි මං... ගොරකා මල්ල දඩමස්කර අල්ලගත්තෙ මං..
ඇන්දත් නිල ඇදුමක් මහජන ආරක්ෂාව පතා ..// බලු ගති පැවතුම් නම් නැහැ නොව වෙනස් උනේ..// ජාතකය වැරදුනොත් වෙන්නේ මෙය නොවේද ..// අනේ අපොයි පොලිසියට බල්ලන් ගිහින් වගේ ..//
පොදු ස්ථානවල අශෝභන ලෙස හැසිරීම වරදක්. ඒ නිසා සල්ලි දීලා බේරෙන්න හැදුවද දන් නෑ.
ජනතාවගේ පගාවෙන්, කප්පම් වලින් ජීවත් වන පාදඩයෝ.
දැන්වත් පොලීසියට බඳවා ගන්නා විට මහජන සේවයට පැටිකිරිය බැලුවොත් හොඳ නැද්ද?