
(රංජිත් රාජපක්ෂ)
ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත රියදුරා සහ මගියකු තුවාල ලබා කොටගල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා තුවාලකරුවන් දෙදෙනා නුවරඑලිය මහ රෝහල වෙල මාරු කර යැවු බව දිඹුල පොලිසිය පවසයි.
මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල උමං මාර්ගය අසලදිය.
ත්‍රිරෝද රථයේ සහ ටිපර් රථයේ අධික වේගය අනතුරට හේතුව වි ඇති බවත් , ටිපර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවයි දිඹුල පොලිසිය කියා සිටියේ.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.